About Sabaragamuwa
සබරගමුව පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවය අතුරින් එකක් වන සබරගමුව පළාත දිවයිනේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ ආසන්නයේ පිහිටා ඇත. ස්වභාව සෞන...
සබරගමුව පළාත
ශ්‍රී ලංකාවේ පළාත් නවය අතුරින් එකක් වන සබරගමුව පළාත දිවයිනේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ ආසන්නයේ පිහිටා ඇත.
ස්වභාව සෞන්දර්‍යයෙන් අනූන පළාතක් වන සබරගමුව ආගමික, සංස්කෘතික හා ඓතිහාසික වශයෙන් මහත් වැදගත්කමක් උසුලයි.
වර්ග කිලෝමීටර් 4968 ක විශාලත්වයෙන් යුතු සබරගමුව පළාත රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකින් සමන්විත වේ. මැණික් සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලන සබරගමුව පළාත දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් ස්ථාන රාශියකින් සමන්විතය.
මැණික් කර්මාන්තය සබරගමුවේ ඉතා ප්‍රසිද්ධ කර්මාන්තයක් වන අතර, සබරගමුව පළාතෙන් රත්නපුර දිස්ත්‍රික්කය මේ සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එනිසාම රත්නපුර නගරය ලොව පුරා ප්‍රචලිතව
පවතින්නේ මිණි පුරය, මැණික් පුරය හෙවත් "City of Gems" ලෙසිනි.
