මිලියන 352ක වංචාවක් රේගුව අල්ලයි
වසර 3ක් පුරා සිදුවූ ජාවාරමක් නිමි ඇඳුම් ලෙස අපනයනය කිරීමේ කොන්දේසියට යටත්ව ආයෝජන මණ්‌ඩල අනුමැතිය මත රෙදි ආනයනය කරන සමාගම් දෙකක් පසුග...
https://citynewslivelk.blogspot.com/2015/02/352-million-in-customs-fraud-arrested.html
වසර 3ක් පුරා සිදුවූ ජාවාරමක්
නිමි ඇඳුම් ලෙස අපනයනය කිරීමේ කොන්දේසියට යටත්ව ආයෝජන මණ්‌ඩල අනුමැතිය මත රෙදි ආනයනය කරන සමාගම් දෙකක් පසුගිය වසර තුනක් තිස්‌සේ සූක්‍ෂ්ම ලෙස සිදු කළ රුපියල් මිලියන 352 ක තීරු බදු වංචාවක් අල්ලාගැනීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන අංශයේ නිලධාරීන් සමත් වී ඇත.
අනුරාධපුර, කැකිරාව සහ ඉපලෝගම ප්‍රදේශවල ආයතන දෙකක් විසින් මෙම තීරුබදු වංචාව සිදුකර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා "දිවයින" ට පැවසීය.
මෙම සමාගම් දෙක විසින් පසුගිය වසර තුනක කාලය තුළදී රුපියල් මිලියන 824 ක් වටිනා රෙදි කන්ටේනර් 319 ක් හා ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය අමතර උපාංග කන්ටේනර් 38 ක් මෙරටට ආනයනය කර තිබෙන බව ද ලෙස්‌ලි ගාමිණී මහතා සඳහන් කළේය.