newssabaragamuvacom

ලොරි අනතුරෙන් හතරක් මරුට - 14ක් රෝහලට

මැදවච්චිය, ඉසන්බැස්සගල, ඇහැලගහ වංගුව ප‍්‍රදේශයේදි ඊයේ(09) රාති‍්‍රයේ සිදු රිය අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 14 ...

මැදවච්චිය, ඉසන්බැස්සගල, ඇහැලගහ වංගුව ප‍්‍රදේශයේදි ඊයේ(09) රාති‍්‍රයේ සිදු රිය අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලිසිය පවසනවා.

මැදවච්චිය පොලීසිය පැවසුවේ මැදවච්චිය සිට කිලිනොච්චිය දක්වා රේල්පිලි තොගයක් ප‍්‍රවාහනය කළ ලොරි රථයක ගමන්ගත් දුමිරිය දෙපාර්තමේන්තුවේ සේවකයින් හතරදෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර, පුද්ගලයින් 14 දෙනෙකු අනතුරින් තුවාල ලබා මැදවච්චිය හා අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කොට ඇති බවයි.

අනතුර හේතුවෙන් කේ.එන්. ලක්ෂ්මන් කරුණාරත්න, එන්. අශාන් චතුරංග, කේ. ශී‍්‍රකාන්ත, චමින්ද කුමාර නමැති වයස අවුරුදු 20 ත් 30 ත් අතර සිව් දෙනෙකු මියගොස් ඇති බැව්ද පොලීසිය පැවසීය.

මැදවච්චිය පොලීසිය පැවසුවේ ප‍්‍රමාණය ඉක්මවා රේල් පිලී පටවාගෙන ගමන් ගත් ලොරි රථය පැවති වර්ෂාවත් සමග මාර්ගයෙන් ඉවතට පැන පෙරලීම හේතුවෙන් අනතුර සිදු වී ඇති බවයි.

අනතුර සිදු වන අවස්ථාෙවි ලොරි රථය තුළ දුමිරිය දෙපාර්තමේන්තු සේවකයින් 18 දෙනෙකු ගමන්කොට ඇති අතර, අනතුරත් සමග රේල් පීළි සිරුරු මත වැටීම හේතුවෙන් පිරිස මියගොස් හා තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සමිබන්ධයෙන් මැදවචිචිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.












Related

News Alert 313852442950042329

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item