රන් භාණ්‌ඩ උකස් පොලී සහන උපදෙස් සතියක් තුළ
රන් භාණ්‌ඩ උකස් කරන ලද ජනතාවට ලබාදෙන පොලී සහනයට අදාළ උපදෙස් සතියක් ඇතුළත බැංකුවලට ලබාදෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස...
https://citynewslivelk.blogspot.com/2015/02/Mortgage-interest-relief-instructions-gold-in-a-week.html
රන් භාණ්‌ඩ උකස් කරන ලද ජනතාවට ලබාදෙන පොලී සහනයට අදාළ උපදෙස් සතියක් ඇතුළත බැංකුවලට ලබාදෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ඊයේ (08 දා) 'දිවයින' ට කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ ද ඇතුව මේ උපදෙස් ලබාදීම සිදුකරන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.
පසුගිය අතුරු අයවැයෙන් රජයේ බැංකුවලට උකස් කරන ලද රු. ලක්‍ෂ දෙක නොඉක්‌මවන වටිනාකමින් යුත් උකස් කළ ස්‌වර්ණාභරණ මත අය කෙරෙන පොලිය කපාහැරීමට යෝජනා කරන ලදී.
මේ සහනය ලබාගැනීම සඳහා රන්භාණ්‌ඩ උකස් කළ බොහෝ දෙනකු රාජ්‍ය බැංකු ශාඛාවලින් විමසීම් කර තිබූ අතර බැංකුවලින් ඔවුන්ට පවසා තිබුණේ එම අයවැය යෝජනාවට අදාළ උපදෙස් තවමත් තම ශාඛාවලට ලැබී නොමැති බවයි.