newssabaragamuvacom

වල් උරු මස්‌ ගෙනයමින් සිටි ප්‍රා.සභා මන්ත්‍රීට හා තවත් අයෙකුට ඇප

වල් ඌරුමස්‌ තොගයක්‌ යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පදියතලාව ප්‍රාදේශීය සභාවේ (එ.ජ.නි.ස.) මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. විතානගේ සහ තවත් පුද...

වල් ඌරුමස්‌ තොගයක්‌ යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පදියතලාව ප්‍රාදේශීය සභාවේ (එ.ජ.නි.ස.) මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. විතානගේ සහ තවත් පුද්ගලයකු පෙරේදා (07දා) රාත්‍රී 9.10 ට පමණ පදියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කට උත්තර සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස්‌ ඇප මත මුදාහැර තිබේ.

පදියතලාව වරාපිටිය ප්‍රදේශයේ සිට මන්ත්‍රීවරයා නිවෙස වෙත මෙම මස්‌ කිලෝ දෙකයි ග්‍රෑම් පන්සියය ප්‍රවාහනය කරමින් සිටියදී සරණගම වතුයාය ප්‍රදේශයේදී පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත.

පදියතලාව පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන්ට මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

මෙහි වැඩිදුර විභාගය ලබන 10 වැනිදා දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

Related

News Alert 249110000870007147

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item