සබරගමුවේ 9 වන ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි
සබරගමුව පළාතේ නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඊයේ (05) රත්නපුර පළාත් සභා සංකීර්ණයේ දී සිය ධූරයේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ...
https://citynewslivelk.blogspot.com/2015/02/Sabaragamuwa-Governor-duty-begins.html
සබරගමුව පළාතේ නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඊයේ (05) රත්නපුර පළාත් සභා සංකීර්ණයේ දී සිය ධූරයේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. නිල රාජකාරී ආරම්භ කළ සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා සබරගමුවේ 9 වන ආණ්ඩුකාරවරයා ද වනවා.
රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති , පළාත් සභා නිලධාරීන් ඇමතීමේ උත්සව අවස්ථාවට ද නව ආණ්ඩුකාරවරයා එක්වුණා. එම අවස්ථාවට සහභාගීවෙමින් සබරගමුව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා මෙසේද පැවසීය.
“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, මා පිළිබඳව පූර්ණ විශ්වාසය තබා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මාව පත් කලා. මා එම විශ්වාසය ආරක්ෂා කරමින් සබරගමුව පළාතට සේවය කරන්න අපේක්ෂා කරනවා. නීතිඥවරයෙකු ලෙස මා වසර 60 ක් සේවය කර තිබෙනවා. තරුණ නීතිඥයෙකු ලෙස රත්නපුරයේදී ද මා කටයුතු කළා. මා මෙම අවස්ථාවේදී අද ශ්‍රී ලංකාවේ පවතින නව දේශපාලන තත්ත්වය ගැනද පැහැදිලි කිරීමක් කරනවා.
මේ රටේ පළාත් සභාවකට මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මොන දේශපාලන පක්ෂයෙන් තේරී පත් වුවත්, එම මන්ත්‍රීවරුන්ව අපේ නව දේශපාලන සංස්කෘතිය අනුව දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් හෝ ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය පරිදි වෙනස් කිරීමට කිසිම තත්ත්වයක් නැහැ.
දුගීභාවය අතින් සබරගමුව පවතින්නේ දිවයිනේ හතරවන ස්ථානයේ. අපි කුමන දේශපාලන පක්ෂයක් , දර්ශනයක් හෝ මතවාදයක් දැරුවත් මෙම දූගීභාවයෙන් පෙළෙන ජනතාවගේ ගැටළුවලට විසඳුම් සැපයිය යුතුයි.
රාජ්‍ය සේවය අපේක්ෂාවෙන් කාර්යාලවලට පැමිණෙන පුද්ගලයින්ගෙන් 75% දූගී ප්‍රජාව. ඒ අයට උපරිම සේවය කිරීම රාජ්‍ය සේවකයින්ගේ පරම යුත්කමක්.
මාවෙත පළාත් ප්‍රධාන ලේකම්වරයා ලබා දුන් දත්ත අනුව, සබරගමුව පළාතේ අධ්‍යාපන තත්ත්වය ඉහළ තලයක පවතිනවා. ඒ අනුව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ , සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය තුලින් සබරගමුව පළාත ජාතික මට්ටමද ඉක්මවා පැවතීම සතුටට කරුණක්.”
මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා මෙසේ පැවසීය.
“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩපිළිවෙලකට සබරගමුව පළාත් සභාවේ පූර්ණ සහාය ලබා දෙනවා.එමෙන්ම රජය හා පළාත් ආණ්ඩුකාරවරයා ලබා දෙන උපදෙස් පරිදි සබරගමුව පළාතේ පාලනය ගෙන යාමට පළාත් සභාව කටයුතු කරනවා.”
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන , ඩබ්ලිව් ඩී . ජේ. සෙනෙවිරත්න , වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, සබරගමුව පළාත් විපක්ෂ නායක තුසිතා විජේමාන්න , ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න , ආණ්ඩුකාර ලේකම් විජිත බණ්ඩාර ඒකනායක, දයා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ පළාත් සභා මැති ඇමතිවරු ද එක්ව සිටියා.