newssabaragamuvacom

තාඩන පීඩනවලට ලක්‌ වූ ශ්‍රී ල.නි.ප. පාක්‍ෂිකයන්ට වන්දි ලබා දිය යුතුයි

- විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා  පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා හේතුවෙන් විවිධ තාඩන පීඩනවලට ලක්‌ව දේපළ අලාභහානි සිදුවී ඇති ශ්‍...

- විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා හේතුවෙන් විවිධ තාඩන පීඩනවලට ලක්‌ව දේපළ අලාභහානි සිදුවී ඇති ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් වෙනුවෙන් වන්දි ලබාදීමට රජය වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළයුතු අතර මැතිවරණ ජයග්‍රහණ උන්මාදයෙන් ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුකරන අයට විරුද්ධව වහා පියවර ගත යුතු බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

නාවලපිටිය මැතිවරණ කොට්‌ඨාසයේ කුරුන්දවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ට ලක්‌ වූ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගේ සුවදුක්‌ බැලීමට ගිය අවස්‌ථාවේදී විපක්‍ෂ නායකවරයා මේ බව අවධාරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිවයිනේ විවිධ පළාත්වල ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් විශාල පිරිසක්‌ තාඩන පීඩනවලට ලක්‌ව ඇති බවත්, ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපළවලට අලාභහානි සිදු වී ඇති බවත් සිදු වී ඇති හා තවමත් සිදුවෙමින් පවතින මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳව ළඟදීම පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට තමා පියවර ගන්නා බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කරයි.

1994 වසරේ සිට පසුගිය ජනාධිපතිවරණය දක්‌වා සියලු මැතිවරණ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජයග්‍රහණය කළත් කිසිම එක්‌සත් ජාතික පාක්‍ෂිකයකුට හෝ වෙනයම් පාක්‍ෂිකයකුට තාඩන පීඩන සිදු නොවූ බවත් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

යහපාලනය තුළ ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට විවිධ දේශපාලන අදහස්‌ දැරීමට අයිතිය තිබිය යුතු බවත් ඔවුන්ට නිදහසේ තමන් කැමති දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරිකයකු ලෙස සහභාගිවීමට ඉඩ ලබාදිය යුතු බවත් පෙන්වා දෙන විපක්‍ෂ නායකවරයා සිදු වී ඇති මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳව සියලු තොරතුරු මේ වන විට විපක්‍ෂ නායක කාර්යාලයට ලැබෙමින් තිබෙන බවත් මේ සම්බන්ධව පක්‍ෂය විශේෂ කමිටුවක්‌ පත්කරන බවත්, මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ට හෝ අසාධාරණයට ලක්‌ වූ ඕනෑම කෙනකුට කොළඹ නො. 30, මාකස්‌ ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයට දන්වන ලෙසත් ඉල්ලා සිටියේය.

Related

Political 7985126406849143181

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item