newssabaragamuvacom

සියලුම දිසාපතිවරුන්ට ස්ථාන මාරු - නව පත්කිරීම් කිහිපයකට කැබිනට් අනුමැතිය

සියලුම දිසාපතිවරුන් ස්ථාන මාරු කිරීමට නව රජය තීරණය කර තිබෙනවා. එසේම නව පත්කිරිම් කිහිපයක් සිදු කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අ...

සියලුම දිසාපතිවරුන් ස්ථාන මාරු කිරීමට නව රජය තීරණය කර තිබෙනවා. එසේම නව පත්කිරිම් කිහිපයක් සිදු කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව තැපැල්පති ධුරය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නියුතු ඩී.එල්.පී. ආර්.අබේරත්න මහතා පත්කර තිබෙනවා.

ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු ළමා තරුණ හා සංස්කෘතික කටයුතු අමත්‍යංශයේ උපදේශකවරයා ලෙස ආර්. පාස්කරලිංගම් මහතා පත්කර ඇති අතර අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස  පත්මා කුලසූරිය මහත්මිය පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

Related

News Alert 8099826266727727220

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item