newssabaragamuvacom

මම බය නැහැ - ඇමැති ජෝන් අමරතුංග

තමාට විරුද්ධව  විපක්‍ෂය    ඉදිරිපත් කරන විශ්වාසභංගයට බිය නොවී ඊට සාර්ථකව මුහුණදීමට සූදානමින් සිටින බව නීතිය, සාමය හා ක්‍රිස්‌තියානි කටයුත...

තමාට විරුද්ධව විපක්‍ෂය  ඉදිරිපත් කරන විශ්වාසභංගයට බිය නොවී ඊට සාර්ථකව මුහුණදීමට සූදානමින් සිටින බව නීතිය, සාමය හා ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසනවා.

පසුගිය රජය සමයේ ඇතැම් මැති ඇමැතිවරුන් සිදුකළ සොරකම්, වංචා හා දූෂණ ක්‍රියා සම්බන්ධව ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්‍ෂණ යට ගැසීම සඳහා මෙවැනි විශ්වාසභංග ගැන කතාකරන බවද හෙතෙම කීය. පසුගියදා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්‌ එල්ලවීමේ සිද්ධියට ජෝන් අමරතුංග මහතා වගකිවයුතු යෑයි චෝදනා කරමින් විපක්‍ෂය ඉදිරි දින කිහිපයේදී ගෙන ඒමට සූදානම් වන බව කියන දොaෂාභියෝගයට මුහුණදීමට ඇති සූදානම කෙසේදැයි "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් අමරතුංග මහතා කියා සිටියේ සභාපතිවරයාට පහරදීමේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නැති බවයි.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජෝන් අමරතුංග මහතා මෙසේද කීය. 

විපක්‍ෂය මට විරුද්ධව ඕනෑම විශ්වාසභංගයක්‌ එල්ල කළාට කමක්‌ නැහැ. ඒවා සාර්ථක වෙන්නේ නැහැ. 

සමහර හිටපු මැති ඇමැතිවරු පසුගිය කාලයේ කළ පගා ගැහිලි, ටෙන්ඩර් මගඩි, වංචා අල්ලස්‌, අපරාධවලින් බේරෙන්න මේ වගේ විශ්වාසභංගයන් විරුද්ධව ඉදිරිපත් කරන්න හදනවා. රටේ ජනතාව ඇත්ත නැත්ත පිළිගෙන තියෙනවා. 

විශ්වාසභංගය ඉදිරිපත් කර මාව බියවද්දන්න කාටවත් බැහැ. මා තවදුරටත් මෙම වැටලීම් දිගටම මෙහෙයවනවා. ඒක නතර කරන්න කාටවත් බැහැ.

Related

Political 6501824604606187089

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item