පාන් මිල මීට වඩා අඩු කරන්න නම් තවත් සහන අවශ්‍යයි
- සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන නව රජය ඉකුත්දා ඉදිරිපත් කරන ලද අතුරු අයවැය මගින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මි...
https://citynewslivelk.blogspot.com/2015/02/if-reduse-bread-price.html
- සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන
නව රජය ඉකුත්දා ඉදිරිපත් කරන ලද අතුරු අයවැය මගින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කළේය. මෙම සහනය ජනතාවට ලබාදීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 6.00කින් අඩු කිරීමට තීරණය කළේය.
නමුත් ඉන්ධන-ගෑස් ආදියෙහිද මිල ගණන් අයවැය මගින් අඩු කිරීම නිසා පාන් මිල තවත් අඩු කළ හැකි යැයි පාරිභෝගික ජනතාව කියා සිටිති.
පාන් මිල තවත් අඩු කළ හැකිද බේකරි හිමියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සමග අප සාකච්ඡා කළෙමු.
රජය ඉදිරිපත් කළ අයවැය මගින් තිරිඟු පිටි මිල රුපියල් 12.50කින් අඩු කරනු ලැබුවා. පාන් ගෙඩියකින් රුපියල් 6.00කට වැඩි සහනයක් ලබාදිය හැකියි නේද?
රජය බේකරි හිමියන්ට ලබා දුන් සහනය පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අපි නව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවුණා. අපිට සහනයක් දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයකින් රජය අය කළ රුපියල් දහයක බද්ද ඉවත් කළා. එම බද්ද ඉවත් කිරීම හේතුවෙන් තිරිඟුපිටි සමාගම්වලින් කිලෝග්රෑමයකට රුපියල් 2.50ක සහනයක් ලබා දුන්නා. මේ වන විට ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් අඩුවී තිබෙනවා. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 2.50කට වඩා අඩු කරන්නත් සමාගම්වලට පුළුවන්.
මේ නිසා තමයි ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 6.00කින් අඩු කළේත් මාළු බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියලත් රුපියල් පහත් අතර මිලකින් අඩු කරන ලෙස බේකරි හිමියන්ගෙන් සංගමයක් ලෙස අප ඉල්ලා සිටියේ.
ගෑස් මිල, ඩීසල් මිල අඩු වුණා කියලා විශාල සහනයක් පාරිභෝගිකයාට දෙන්න අමාරුයි. එහි සියලු වාසිය අපි පාරිභෝගිකයාට ලබාදීලා තියෙන්නේ. රජය තවත් බදු අඩු කරනවා නම් තිරිඟු පිටි නිෂ්පාදවල මිල ගණන් තවත් අඩු කළ හැකියි.
ඔබ සඳහන් කරන්නේ පාම් තලේ සහ මාගරින් මිල ගණන් සඳහා රජය අය කරන බදු අඩු කළ හැකි බවද?
ඔව්. මාගරින් සහ පාම්තෙල් සඳහා රජය විශාල බදු මුදලක් අය කරනවා. මාගරින් කිලෝග්‍රෑම් 20ක ඇසුරුමක් සඳහා අය කරන බද්ද රුපියල් පන්දහසක් වෙනවා. පාම් තෙල් ආනයනයේදී කිලෝග්රෑමයකට රුපියල් සියයකට වැඩි බද්දක් අය කරනවා. මේ බදු මිල බේකරි හිමියන්ට දරා ගන්න අපහසුයි. මෙරට මාගරින් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තිබුණත් පාම් ඔයිල් ආනයනික මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එම සමාගම්වලට විශාල වාසියක් ලබා දෙන්න බෑ. අපි මුදල් අමාත්‍යවරයාට ලිඛිතව ලබා දුන්නා මාගරින් සහ පාම් තෙල් සඳහා අය කරන බදු අඩු කර බේකරි හිමියන්ට සහනයක් ලබා දෙන්න කියලා.
අනෙක් කාරණය තමයි වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද බේකරි හිමියන්ගෙන් අය කිරීම. මේ බදු දෙකේම එකතුව සියයට 13ක්. මේ හේතූන් මත තමයි පාන් ගෙඩියක මිල විශාල වශයෙන් අඩු කිරීමට නොහැකි වී තිබෙන්නේ.
නමුත් මාළු බනිස් ආදී අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් බේකරි හිමියන් අඩු නොකිරීම පාරිභෝගිකයා ගසාකෑමට ලක් කිරීමක් නොවෙයිද?
පොඩි කෑමවල වාසිය පාරිභෝගිකයාට යන්නේ නෑ. මාළු බනිස් ගෙඩියක් එක එක බේකරිවල අලෙවි කෙරෙන්නේ එක එක මිල ගණන්වලටයි. රුපියල් විස්සේ සිට රුපියල් එකසිය විස්ස දක්වා වූ මිල ගණන්වලට මාළු බනිස් අලෙවි කෙරෙනවා. මිල වගේම ඒවායේ ප්‍රමිතිය ගැනත් ගැටලු පවතිනවා. මාළු බනිස් ගෙඩියක් රුපියල් තිස් පහකට වඩා වැඩි මිලට අලෙවි කරන අයට රුපියල් පහකින් මිල අඩු කරන්න හැකියාව තිබෙනවා. නමුත් රුපියල් තිස් පහකට වඩා අඩුවට මාළු බනිස් ගෙඩියක් විකුණන අයට රුපියල් පහ අඩු කරන්න බැහැ. බදු අය කිරීම අඩු කරනවා නම් පොඩි කෑමවල මිල අඩු කරන්න පුළුවන්.
ඇතැම් බේකරි හිමියන් තවමත් පාන් මිල ගණන් අඩු කරලා නෑ. නමුත් පාන් ගෙඩියේ බර අඩු කරලා විවිධ මිල ගණන්වලට විකුණනවා. මේ කටයුත්තට ඔබ සංගමය විරුද්ධ නොවන්නේ ඇයි?
තිරිඟු පිටි මිල ගණන් අඩු කරලා තිබියදී පාන් ගෙඩියක මිල අඩු කරන්නේ නැත්නම් එය වැරදියි. එය පාරිභෝගිකයා ගසා කෑමක්. බේකරි නිෂ්පාදන සඳහා පාලන මිලක් නෑ. වැඩි මිලට පාන් අලෙවි කරන බේකරි ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි. මෙරට නිපදවිය යුතු පාන් ගෙඩියක ප්‍රමිතිය ග්‍රෑම් 450ක් විය යුතුයි. නමුත් එම බරට හැම බේකරියකම පාන් නිෂ්පාදනය කෙරෙන්නේ නෑ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝ කිරුම් මිනුම් අධිකාරිය මේ පිළිබඳව වැටලීම් කළ යුතුයි. නමුත් මෙම ආයතනවලට දිගින් දිගටම වැටලීම් කළ නොහැකියි. මේ මාසේ වැටලුවොත් නැවත වැටලීම් කරන්නේ තවත් මාස හයකින් විතර. පාරිභෝගිකයා පාන් ගෙඩියේ ප්‍රමිති බර බලන්නේ නෑ. මිල අඩු නම් ගන්නවා. ප්‍රමාණවත් පාන් ගෙඩියක බර විය යුත්තේ ග්‍රෑම් 400ක් විය යුතුයි. ඒ බරට පාන් නිෂ්පාදනය කරනවා නම් පාරිභෝගිකයා ගසා කෑම අඩු වෙනවා. පාරිභෝගිකයාට අසාධාරණයක් වෙන්නෙත් නෑ.
පාන් සඳහා 'පාලන මිලක්' රජය ගෙන එනවා නම් ඔබ සංගමය ඊට විරුද්ධද?
පාලන මිලක් ගෙනාවත් අසාධාරණය සිදුවන්නේ පාරිභෝගික ජනතාවටමයි. එක එක බේකරිවල පාන් නිපදවන්නේ විවිධ බර ප්රමාණයන්ටයි. මහා පරිමාණ බේකරි හිමියන්ට වියදම වැඩියි. බදු,සේවක පඩි නඩි ගෙවීම් ආදිය වැඩියි. මේ නිසා පාලන මිලක් ගෙන ඒම එතරම් සාර්ථක නොමැති බවයි මම නම් දකින්නේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සඳහන් කළොත්?
මේ රටේ දිනකට පාන් ගෙඩි ලක්ෂ 25ක් පමණ අලෙවි වෙනවා. දළ වශයෙන් රටේ බේකරි 6000ක් පමණ තිබෙනවා. නමුත් රටේ බේකරි ගණන නියමාකාර ලෙස සංගණනයකට ලක් කෙරිලා නෑ. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මේ කටයුත්ත සිදු වෙනවා නම් ඉතා වැදගත්. බත සපයන ගොවියාට රජය විශාල වශයෙන් සහන ලබා දුන්නත් පාන් නිෂ්පාදකයාට ලැබෙන සහන අඩුයි. මේ පිළිබඳව රජයේ අවධානය යොමු වෙනවා නම් හොඳයි.
අපි සංගමයක් ලෙස උත්සාහ කරන්නේ මාගරින්, පාම් තෙල් සඳහා බදු සහන ලබා ගැනීමටයි. එමෙන්ම පාන් ගෙඩියක ප්‍රමිති බර ග්‍රෑම් 400ක් දක්වා අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. රජයට විශාල බදු ආදායමක් ලබාදෙන කර්මාන්තයක් තමයි බේකරි කර්මාන්තය. අනෙක් කාරණය තමයි පාන් කන්න එපා එය දියවැඩියාවට විශාල ලෙස බලපාන බව සෞඛ්‍ය අංශ මගින් කියනවා. නමුත් පාන්වල නොවෙයි දෝෂය තිබෙන්නේ පාන් ආහාරයට ගන්නා ක්රමවේදයයි. බොහොමයක් රටවල ප්‍රධාන ආහාරය පාන්. නමුත් ඒ රටවල ජනතාවට දියවැඩියාව නෑ.