newssabaragamuvacom

ජාතීන් අතර සුහදතාවය වර්ධනයට සබරගමුව පළාත් සභාවෙන් අලුත් වැඩක්

උතුර හා සබරගමුව පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඔස්සේ ජාතීන් අතර සුහදතාවය හා ඔවුනොවුන්ගේ සංස්කෘතික හුවමාරුවට ඉඩකඩ සැලසෙන උතුර-දකුණ යා කරන අධ්‍යා...

උතුර හා සබරගමුව පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඔස්සේ ජාතීන් අතර සුහදතාවය හා ඔවුනොවුන්ගේ සංස්කෘතික හුවමාරුවට ඉඩකඩ සැලසෙන උතුර-දකුණ යා කරන අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රවර්දන ව්‍යාපෘතියක් සබරගමුව පළාත් සභාව විසින් ආරම්භ කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය ඊයේ (19)  කෑගල්ල සණස කැම්පස් ශ්‍රරවණාගාරයේ දී පවත්වනු ලැබුවා. 

ඊයේ ආරම්භ වූ මෙම වැඩසටන සඳහා උතුරු පළාතේ යාපන දිස්ත්‍රික්කයේ තෙන්මරාචි අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, විදුහල්පතිවරු සහ ගුරුභවතුන්ගෙන් සමන්විත 41ගෙන් පමණ යුත් කණ්ඩායමක් එක්ව සිටියා.

දෙදිනක් පුරාවට ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ , සබරගමු පළාතේ අධ්‍යාපනඥයින්, විදුහල්පතිවරු, ගුරුවරු හා සිසු දරුදැරියන් හමුවීමට මෙම උතුරු කණ්ඩායමට අවස්ථාව හිමි වනවා.

ඉදිරියේ දී සබරගමුව පළාතෙන් ද මෙවැනි ම කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත්, කෑගල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිසේන, තෙන්මරාච්චි කළාප අධ්‍යක්ෂ සුන්දර ශිවම් යන මහත්වරු සහභාගී වූහ.



Related

Sg News 5800045347829403931

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item