එල්ලුම් ගහට පණදී හෝ අපරාධ මඩිනවා
- අස්‌ගිරි මහ නාහිමි හමුවේ අධිකරණ ඇමැති පවසයි රටේ අපරාධ රැල්ල ඉහළ යනවා. මෙම ප්‍රවණතාව නැවැත්විය යුතුයි. එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කර හ...
https://citynewslivelk.blogspot.com/2015/02/wijedasa-rajapaksha.html
- අස්‌ගිරි මහ නාහිමි හමුවේ අධිකරණ ඇමැති පවසයි
රටේ අපරාධ රැල්ල ඉහළ යනවා. මෙම ප්‍රවණතාව නැවැත්විය යුතුයි. එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කර හෝ මෙම අපරාධ රැල්ල නැවැත්වීමට පියවර ගන්නවා යෑයි මල්වතු අස්‌ගිරි මහනාහිමිපාණන් බැහැදකිමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (03 දා) පැවසීය.
ඉකුත් කාලයේ නැති වී ගිය අධිකරණයේ ස්‌වාධීනත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය නැවත ස්‌ථාපිත කරන බවත් ඇමැතිවරයා මහනාහිමියන්ට පැවසීය.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්‌වූ අධිකරණ අමාත්‍යවරයා මොහාන් පීරිස් මහතාගෙන් සිදුවී ඇති බව කියන සාවද්‍ය ක්‍රියා රැසක් පිළිබඳව ද අස්‌ගිරි මාහිමියෝ දැනුවත් කළේය.
මොහාන් පීරිස් මහතා විසින් දෙන ලද ඇතැම් නඩු තීන්දුවලින් සාධාරණය ඉටු නොවූ බවත් රේගු කටයුතුවල ගැටලු සම්බන්ධයෙන් ඔහු විසින් දෙන ලද නියෝගවලින් රටට රුපියල් ලක්‍ෂ ගණනක පාඩු සිදුවී තිබෙන බවත් විජයදාස රාජපක්‍ෂ මහතා මෙහිදී මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට පෙන්වා දුන්නේය.
මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට සුභාශිංසන පිරිනමමින් අධිකරණයේ ස්‌වාධීනත්වයත් ජනතා විශ්වාසයත් ඇතිවන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බව පෙන්වා දුන්හ.