newssabaragamuvacom

දෙවැනි ලෝක යුද්දෙදි මුහුදුබත් වූ ජපන් නැවක් සොයා ගැනේ

දෙවැනි ලෝක යුද සමයට අයත් ජපාන යුද නෞකාවක් පිලිපීනයේ සිබුයාන් මුහුදු ප‍්‍රදේශයෙන් හමුවී තිබෙනවා. මෙම නැව සොයාගෙන ඇත්තේ අමෙරිකානු බිලියනපති...

දෙවැනි ලෝක යුද සමයට අයත් ජපාන යුද නෞකාවක් පිලිපීනයේ සිබුයාන් මුහුදු ප‍්‍රදේශයෙන් හමුවී තිබෙනවා. මෙම නැව සොයාගෙන ඇත්තේ අමෙරිකානු බිලියනපතියකු වන පෝල් ඇලන් සතු පෞද්ගලික සමාගමක් සිදුකළ ගවේෂණ මෙහෙයුමකදීයි. 

දෙවැනි ලෝක යුද සමයේ විශාලතම යුද නෞකා වූයේ මුසාෂි සහ යමටෝ යන නැව් දෙකයි.

පිලිපීනයේ සිබුයාන් මුහුදෙන් සොයාගෙන ඇත්තේ මුසාෂි යුද නෞකාව වන අතර ගල්ෆ් යුද්ධය අතරතුර 1944 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා එය මුහුදුබත්ව තිබුණා.

පෝල් ඇලන් සතු අදාල ගවේෂණ සමාගම මුසාෂි නෞකාව සෙවීමේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණේ මීට වසර 8කට පමණ පෙරයි. පෝල් ඇලන් යනු මයික්‍රෝසොෆ්ට් සමාගමේ සමප්‍රාරම්භකයෙකුද වනවා.





Microsoft cofounder Paul Allen says he found a huge Japanese WWII ship at the bottom of the sea in the Philippines

Related

News Alert 5784749429503008830

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item