තෙවසරක් පුරා නිර්මාණය කළ රඹුක්කන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරයි
රඹුක්කන අශෝක බෝධිරාජාරාමය විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කළ අඩි 38 ක උසින් යුතු බුද්ධ ප්‍රතිමා වහන්සේ පොසොන් පොහෝ දින (02) ලෝ වැසි දනන්...
https://citynewslivelk.blogspot.com/2015/06/rambukkana-news.html
රඹුක්කන අශෝක බෝධිරාජාරාමය විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කළ අඩි 38 ක උසින් යුතු බුද්ධ ප්‍රතිමා වහන්සේ පොසොන් පොහෝ දින (02) ලෝ වැසි දනන්ගේ වන්දනාමානය පිණිස නිරාවරණය කරන ලදී.
මීට වර්ෂ 03 කට පෙර මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම ආරම්භ කළ අතර එය පුරා වර්ෂ 03 ක් අඛණ්ඩව නිර්මාණය කරනු ලැබීය.
ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගය මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සඳහා ලබා දෙනු ලැබීය. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ කලා ශිල්පීන් ඇගයීම ද එදින (02) සිදු විය.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් , කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු ද සහභාගී වූහ.







