newssabaragamuvacom

පාසල් විද්‍යාගාරයක පිපිරුමකින් සිසුන් 6ක් රෝහලට

හලාවත - බංගදෙණිය,දෙමටපිටිය විද්‍යාලයේ විද්‍යාගාරය තුළ සිදුවී ඇති ව කියන සුළු පිපිරීමකින් කම්පනයට පත්ව ඇති පාසල් දරුවන් 06 දෙනෙකු හලාවත මහ...

හලාවත - බංගදෙණිය,දෙමටපිටිය විද්‍යාලයේ විද්‍යාගාරය තුළ සිදුවී ඇති ව කියන සුළු පිපිරීමකින් කම්පනයට පත්ව ඇති පාසල් දරුවන් 06 දෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

07 වැනිදා දහවල් මෙම පිපිරීම සිදුවී ඇත.රෝහල් ගත කරන ලද පාසල් දරුවන් ගෙන් සිව් (04) දෙනෙකු ප්‍රාථමික සත්කාරක ඒකකයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.දරුවන් දෙදෙනෙකු පමණක් රෝහලේ අක්ෂි වාට්ටුවට ප්‍රතිකාර සදහා නේවාසික කර ඇත.

පාසල් දරුවන් ගුරුවරයෙකුද සමග විද්‍යාලය තුල කිසියම් පර්යේෂණ කටයුත්තක් සිදු කරමින් සිටින විට මෙම පිපිරීම සිදුවී ඇත.රෝහල් ගත කරන ලද දරුවන්ට අනුව ඔවුන්ගේ සිරුරේ කොන්ඩිස් තිබූ බවත්,එය බරපතල තතත්වයක් නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

රෝහල් ගත කරන ලද කිසිදු දරුවෙකු තුවාල ලබා නැත.‍ දරුවන් දෙදෙනෙකු නේවාසික කරන ලද්දේ ඔවුන්ගේ ඇස වලට කොන්ඩිස් ඇතුළත් වී ඇද්ද යනන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පමණක් බවද රෝහල ප්‍රකාශකයා වැඩිදුරටත් කිය සිටියේය.

කෙසේ වෙතත් කොන්ඩිස් යනු විෂ රසායනික ද්‍රව්‍ය නොවන බැවින් දරුවන්ට කිසිදු හානිකර තත්ත්වයක් නොමැති බවද රෝහල් ප්‍රකාශකයා කියා සිටියේය.

Related

News Alert 127359660565955174

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item