newssabaragamuvacom

ගුරු කරුණාවෙන් සදරුට හිසට සෙවණක්

ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ මුන්දලම, බරනන්කට්ටුව ගම්මානයේ ජීවත් වන කේ.ඩී.ජුඩ් ප්‍රියන්ත මහතාට ස්ථීර රැකියාවක් නැත.දෙදරු පියෙකු වූ ඔහු එදිනෙ...

ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ මුන්දලම, බරනන්කට්ටුව ගම්මානයේ ජීවත් වන කේ.ඩී.ජුඩ් ප්‍රියන්ත මහතාට ස්ථීර රැකියාවක් නැත.දෙදරු පියෙකු වූ ඔහු එදිනෙදා ලැබෙන කුලී වැඩකින් කර තම දරු පවුල ජීවත් කළේය.

මෙම පවුලේ වැඩිමහල් දරුවා වන “සදරු සිතුම් විහඟ” ඉගෙනුම ලබන්නේ මුන්දලම බරනන්කට්ටුව මහා විද්‍යාලයේ 2 වන වසර පන්තියේය.තම පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් ගැනද ඔවුන් පාසලට පැමිණීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ මෙන්ම ගුරුවරුන්ගේද සිරිතක් වී තිබුණි.

පුංචි සදරු නිතර පාසල් නොපැමිණීමත්, ඔහු පාසලට පැමිනෙන ආකාරයත් සම්බන්ධයෙන් අවධානය යොමු කළ පාසලේ ගුරුවරුන් මේ සම්බන්ධයෙන් තම විදුහල්පතිවරයා දැණුවත් කළේය. ආරංචිය ලද සැනින් විදුහල්පතිවරයා තවත් ගුරුවරුන් කීප දෙනෙකු සමග පුංචි සදරුගේ නිවස බලා ගියේය.

විදුහල්පතිවරයා ඇතුළු එහි ගිය ගුරුවරුන්ට උන් හිටි තැන් අමතක විය. ලෝකයේ උතුම්ම රට බව කියන අපේ රට තුළ මේ ආකාරයට ජීවත් වන පවුලක් සිටින බව ඔවුන්ට අදහා ගත නොහැකි විය. යාන්තමට අටවා ගත් පුංචි පැල් කොටයක එම දරු පවුල ජීවත් වෙමින් සිටියේය. ආහාර පිසින්නේද, රාත්‍රීය ගත කරන්නේද ඒ පුංචි අතු පැලතුලය. මේ අතු පැලට ඇත්තේ එකම කාමරයකි. සාලයක් ඇත්තේම නැත.

වහාම ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා තම ගුරු මණ්ඩලය කැදවා මේ සම්බන්යෙන් දැණුවත් කළේය. “අපි සදරු පුතාට ගෙයක් හදමු” යෝජනාවක් ඉදිරිපත් විය. “ඒත් ගෙයක් හදන්න කෝ සල්ලි” පැනයක් ඉදිරිපත් විය. පාසලේ සේවය කර සියළුම ගුරුවරුන් තම පඩි පතින් රුපියල් 1000 ක් පරිත්‍යාග කිරීමට එකඟ විය. පාසල් දරුවන්ද තමන්ට හැකි පමණින් විවිධ ව්‍යාපෘති කරමින් ඒ සදහා අවශ්‍ය මුදල් එකතු කළේය. විදුහල්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතිය දැණුවත් කිරීම තුළින්ද විශාල සහායක ලැබුණි.

ගුරුවන්රු, දරුවන් සහ ගම්වාසීන් තම ශ්‍රමය කැප කළේය. මාස 02 ක් ගෙවී යන්නට පෙර ජුඩ් ප්‍රියත්න මහතාට නව නිවසක් ඉදි විය. කාමරයක්, සාලයක් සහිත ස්ථීර වහලක් මෙන්ම බිමක් ඇති නිවසක් පුංචි සදරු වෙනුවෙන් ඉදිවිය.

ඉදි කරන ලද නව නිවස බාර දීම පසුගිය 10 වැනිදා සිදු විය.එම අවස්ථාවට මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක, ගුරු උපදේශක යූ.එස්.ඒකනායක මහතාද එක්වී සිටියේය.

ඉදිකරන ලද නව නිවස ජුඩ් ප්‍රියන්ත මහතා ඇතුළු පවුලට බාර දීම බරනන්කට්ටුව විද්‍යාලයේ විදුහල්පති ශාන්ත දිසානායක මහතා ඇතුළු ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාම්භීර එහෙත් ඉතාමත්ම චාම් උත්සවයකදී සිදු විය.

පාසල් තුළ සිදු වන්නේ දරුවන්ට අකුරු කිරීම පමණක් නොව.ඔවුන් යහ මගට ගැනීමත්, අනාගතයේ අවශ්‍ය දෑ අවශ්‍ය වේලාවට කරන ආකාරය කියා දෙන බරනන්කට්ටුව මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය රටට ආදර්ශයක් බව නම් සත්‍යයකි.





Related

News Alert 6430836791418134025

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item