newssabaragamuvacom

හිටපු ජනපතිනිය මුන්නේෂ්වරම් කෝවිලෙන් ආශීර්වාද ලබාගනී

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද (04) දහවල් හලාවත - මුන්නේෂවරම දේවාලයට පැමිණියා. ඒ තම උපන් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබ...

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද (04) දහවල් හලාවත - මුන්නේෂවරම දේවාලයට පැමිණියා. ඒ තම උපන් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ ආගමික වතාවත්වලට සහභාගි වීම සදහායි. 



මෙහිදී ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණය එම සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙස ඔබ දන්නේ දැයි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනියගෙන් විමසා සිටියාය.


“ඒක මම දන්නේ නැහැ. මම දේශපාලනය කථා කරන්න මෙතෙන්ට ආවේ නෑ...” යැයි ඇය කියා සිටියාය. 

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇයගෙන් පුන පුනා මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියත් ඇය කිසිදු පැනයකට පිළිතුරු ලබා නොදී පිටව ගියාය.

හිටපු අමාත්‍යවරුවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙකුම මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

ආගමක වතාවත්අතර තුර මුන්නේෂ්වරම් දේවාලයේ සාමි වරයෙකු සෙල්ෆි ඡායාරූපයක්ද හිටපු ජනාධිපතිවරිය සමග ගත් ආකාරය දක්නට ලැබුණි.






Related

News Alert 1461704987603011828

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item