සංඝනායක පදවි ලබයි
අතිපූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සීලරතන දුනුකේවත්තේ ශ්‍රී සීලවිමල මහ නාහිමියන් වෙත සතර කෝරල මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවි අක්ත පත්‍ර ප්...
https://citynewslivelk.blogspot.com/2015/10/blog-post.html
අතිපූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සීලරතන දුනුකේවත්තේ ශ්‍රී සීලවිමල මහ නාහිමියන් වෙත සතර කෝරල මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවි අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් මස 02 දින පස්වරුවේ මල්වතු මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේ දී පැවැත්වේ.
කෘතහස්ත අධ්‍යාපන පරිපාලන ස්වාමීන් වහන්සේ නමක ලෙස මෙම නාහිමියන් හැඳින්විය හැකිය.
තවද,අති පූජ්‍ය දුනුකේවත්තේ ශ්‍රී සීලවිමල කෑගල්ල රඹුක්කන හා පින්නවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය අභිනවයෙන් පිහිටුවීමට ඇප කැපවූ යතිවරයාණන් වහන්සේ නමකි.
2005 වර්ෂයේ සිට කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේ ලෙස ද සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් ද මේ දක්වා කටයුතු කරයි.
නිර්මල බෞද්ධ දර්ශනය, එතෙර මෙතෙර ප්‍රචාරණය උදෙසා උන්වහන්සේ ඉතා විශාල කාර්යයභාර්යයක් ඉටුකළහ.
පූජ්‍ය දුනුකේවත්තේ ශ්‍රී සීලවිමල මහනාහිමියෝ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති අතර දැනට කෑගලු විද්‍යාලයේ උප විදුහල්පති ධූරය ද හොබවයි.
මෙම අවස්ථාවට මහ ඇමති මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්,සණස නිර්මාතෘ අචාර්යය පී.ඒ.කිරිවන්දෙණිය යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.






