ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවකු ආණ්‌ඩුවට යන්නේ නෑ - ඩලස් අලහප්පෙරුම
https://citynewslivelk.blogspot.com/2016/01/dullas-alahapperuma.html
![]() |
| Add caption |
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුවට එක්‌නොවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අයවැයට එරෙහිව විශාල පීඩනයන් යටතේ දෙවරක්‌ම ඡන්දය දුන් ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකු මෙවැනි පාවාදීමක් සිදුකිරීමට සූදානම් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන්නේ ඉතාමත් ශක්‌තිමත් කණ්‌ඩායමක් බවත් ඒ කිසිවකු හීනෙන්වත් ආණ්‌ඩුවට එක්‌නොවන බවත් පැවැසූ ඩලස් අලහප්පෙරුම මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා නැතැයිද කීවේය. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්‌ඩුවට එක්‌වන බවට කරන ප්‍රකාශ දේශපාලන ආබාධිතයන්ගේ උමතු ප්‍රකාශ බවද ඔහු සඳහන් කළේය.
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව නියෝජ්‍ය ඇමැති ධුර 6 ක් ලබාදිය නොහැකි බවත් ලබාදිය හැක්‌කේ තවත් එක් නියෝජ්‍ය ඇමැති ධුරයක් පමණක් බවත් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

