newssabaragamuvacom

ඇඹිලිපිටිය තරුණයාගේ මරණය : බිරිඳගෙන් ඊයේත් සාක්ෂි නොගනී

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය සමග ඇතිවූ ගැටුමේදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය අවසන් වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග ත...

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය සමග ඇතිවූ ගැටුමේදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය අවසන් වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව පොලිස් කොමිසම පවසනවා. එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ ඊයේ (14) පෙරවරුවේ කොමිසම රැස් වූ අවස්ථාවේ එම  තීරණය ගත් බවයි.

පොලිස්පතිවරයා ද 14 වැනිදා පැවති පොලිස් කොමිසමේ රැස්වීමට සහභාගි වී ඇති අතර එහිදී සිද්ධිය පිළිබඳ මූලික වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කළ බව ආරියදාස කුරේ මහතා පැවසුවේය.

මේ අතර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත් ඊයේ පස්වරුවේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණා. මෙහිදී පුද්ගලයන් තිදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනුණු බවයි සබරගමුව නිව්ස් ඇඹිලිපිටිය වාර්තාකරු පැවසුවේ. සාක්ෂි දුන් සාක්ෂිකරුවන් අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් සහ පොලිස් නිලධාරියෙක්ද සිටි බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ. 

කෙසේවෙතත් සිද්ධියට අදාළව  මියගිය තරුණයාගේ බිරිඳගෙන් සාක්ෂි සටහන්කරගැනීම  ඊයේ දිනයේත් සිදුකර නැත. සාක්ෂි විමසීම ලබන 27 වනදාට කල් දැමීමට  මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අප වාර්තාකරු පැවසුවේය. එසේම සාක්ෂි විමසීම වෙනුවෙන් පොලීසිය නියෝජනය කරන පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක රුවන් ගුණසේකර මහතාට මියගිය තරුණයාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන්ගේ විරෝධයද මහේස්ත්‍රාත් අධිකරණය අසලදී දැක්වූ බවද වාර්තා වනවා. 
මියගිය තරුණයාගේ පාර්ශ්වය නියෝජනය කරන නීතිඥවරයා පැවසුවේ ඊයේ දිනයේ සාක්ෂි ලබාදුන් එක් සාක්ෂිකරුවකුට පොලීසිය යම් බලපෑම් සිදු කර ඇති බවට සැක කරන බවයි. එම සාක්ෂිකරුට විවිධ අපරාධ චෝදනා ඇති පුද්ගලයෙක් බවද ඔහු පැවසීය. 

Related

News Alert 8173792129045176753

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item