newssabaragamuvacom

තෛපොංගල් උත්සවය අදයි

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක් ආරම්භ වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. සූර්ය වන්දනාව මූලික කර ගත් අස්වනු නෙලිමේ මංගල්‍ය හෙවත්...

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක් ආරම්භ වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. සූර්ය වන්දනාව මූලික කර ගත් අස්වනු නෙලිමේ මංගල්‍ය හෙවත් තෛපොංගල් උත්සවය ශත වර්ෂ ගණනාවක සිට හින්දු භක්තිකයින් මහත් හරසරින් සමරනු ලැබේ.

මිනිසා සහ සොබාදහම අතර බොහෝ කාලයක් නොවෙනස්ව පවතින සබඳතාව වඩාත් ආකර්ශනීය ලෙස සහ ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැදින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබේ.

අදට යෙදෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන එක් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අන්‍යේන්‍ය  ගෞරවයට සාමුහික ගුණය සහ පොදු සමාජ සම්මුතින් කෙරෙහි දැඩිව බැඳෙමින් මෙම උත්සවය පවත්වාගෙන එන බවයි.

තෛපොංගල් දිනයේ උතුරවන කිරි දියර සේ ආදරය ද,දැල්වෙන පහන්වැටි සේ ආලෝකය ද,විහිදේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුභාශිංසන පණිවුඩයෙන් දක්වා තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තෛපොංගල් උත්සවය සමරන මෙම අවස්ථාවේදී රට තුළ එකමුතුවත්,සංහිදියාවත්,සාමයත්,වර්ධනය වී නැවුම් ලෙස කිරි ඉතිරේවායි ප්‍රාර්ථනා කරන බවයි.

සියළු ජනතාවට අලුතින් සිතිමටත්,නව ජිවයක් ඇරඹිමටත් කාලය පැමිණ ඇති බව මෙවර තෛපොංගල් දිනයේදී ලබා දෙන පණිවුඩය බව ජනතා විමුක්ති පෙරමුණ සිය සුභ පැතුම් පණිවුඩයේ දක්වා තිබේ.

Related

News Alert 6615200054843316695

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item