වැල්ලවත්තේ ගණිකා නිවාසයක් වටලයි
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වැල්ලවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලනු ලැබ තිබෙනවා.එ් සෝදිසි වරෙ...
https://citynewslivelk.blogspot.com/2016/01/wellawatta-raide.html
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වැල්ලවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලනු ලැබ තිබෙනවා.එ් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ වැටලීමකදීයි. එහිදී ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන් අවුරුදු 20, 21, 38 සහ හතළිහ යන වයස් කාණ්ඩවල පසුවන්නියන්.
මෙම කාන්තාවන් බුලත්සිංහල, වවුනියාව, මෝදර සහ පාදුක්ක යන ප‍්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලීසිය පැවසුවේ. ගණිකා නිවාසය කළමනාකරණය කළ බව කියන වයස අවුරුදු 38ක හංවැල්ල ප‍්‍රදේශයේ කාන්තාවක්ද අත්අඩංගුවට ගැනුනා. ඔවුන් සියල දෙනා ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා වෙත අද (15) ඉදිරිපත් කිරීමට නියමිතයි.

