newssabaragamuvacom

18 වන නාලන්ද එල්ලාවල ගුණ සමරුව කුරුවිටදී

අභාවප්‍රාප්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතාගේ 18 වන ගුණ සමරු උත්සවය ඊයේ (11) කුරුවිට දී පැවැත්විණි. එහිදී ගුණ සැමරුම් උ...

අභාවප්‍රාප්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතාගේ 18 වන ගුණ සමරු උත්සවය ඊයේ (11) කුරුවිට දී පැවැත්විණි. එහිදී ගුණ සැමරුම් උත්සවයේ දී කුරුවිට නගර මධ්‍යයේ ඉදි කර ඇති නාලන්ද එල්ලාවල පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීම මැති ඇමතිවරුන් හා පවුලේ ඥාතීන් විසින් සිදුකරනු ලැබුවා. මෙම උත්සවයේ උපහාර දේශනාව අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ මහානායක මඩලගම වජිරබුද්ධි නාහිමියන් විසින් පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව නාලන්ද එල්ලාවල මහතාට පිං පමුණුවා මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කරනු ලැබීය.

පසුව පැමිණි සිටි පිරිස නාලන්ද පිළිරුව අභියස ඉටිපහන් දැල්වීම සිදුකරනු ලැබුවා. 1997/02/11 වන දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා, සහාසිකයෙකුගේ වෙඩිපහරකට මරණයට පත් වුණා. ඒ මහතා වෙඩි පහරකට ලක්වූ කුරුවිට නගර මධ්‍යයේ මෙම නාලන්ද එල්ලාවල පිළිරුව ඉදි කර තිබෙනවා.
නාලන්ද එල්ලාවල මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද එල්ලාවල මහතාගේ සහ වත්මන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර සුරංගනී එල්ලාවල මහත්මියගේ පුතණුවන් ය. එමෙන්ම නාලන්ද එල්ලාවල මහතා සබරගමු පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකුද, ආණ්ඩුකාරවරයෙකු ද වූ මොහාන් එල්ලාවල මහතාගේ ඥාති පුත්‍රයෙකි.
මෙම ගුණානුස්මරණ උළෙලට සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ආණ්ඩුකාරවරුන් වන මාෂල් පෙරේරා, සුරංගනී එල්ලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඩලස් අලහප්පෙරුම, තිස්ස කරලියැද්ද, ජගත් පුෂ්ප කුමාර, සී.බී. රත්නායක, මහින්ද අමරවීර, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන ,චාන්දනී එල්ලාවල, අකිල එල්ලාවල සහ විශාකා එල්ලාවල යන මහත්ම මහත්මීන් සහභාගීව සිටියා. 






Related

Sg News 3871968174490408011

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item