newssabaragamuvacom

කෑගල්ලේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සබරගමු මහ ඇමැතිගෙන් ජනපතිට වාර්තාවක්

කෑගල්ල දිස්ත්‍රික්කය තුල දිගින් දිගටම පවතින පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙ...

කෑගල්ල දිස්ත්‍රික්කය තුල දිගින් දිගටම පවතින පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කරන බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසනවා. මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පැවති සබරගමුව පළාත් සභා රැස්වීමට එක් වෙමින්.

සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභාව ඊයේ (10) රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා සංකීර්ණයේ දී රැස්විය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා මෙසේ ද පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නොවන පිරිස් වෙත විවිධ මැර කණ්ඩායම් දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය මුදාහැර තිබෙනවා.

මැතිවරණයට පෙර දිනයේ පවා රඹුක්කන නගරයේ නීත්‍යානුකූලව ස්ථාපිත කර තිබූ මැතිවරණ කාර්යයාලයට මැරපිරිස් පහර දුන්නා. එම පිරිස් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින්ට ද පහරදීම් සිදු කළා. මෙම මැර පිරිස් මත්කුඩු, කසිප්පු ව්‍යාපාර වල සහ වෙනත් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්.

මෙම මැරපිරිස් විසින් මැතිවරණ සමයේ දී පුද්ගල ඝාතන සදහා භාවිතා කිරීමට රැගෙන ආ ගිනි අවියක් මේවන විට කෑගල්ල පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවලට ඇතැම් පිරිස් බලහත්කාරයෙන් ඇතුල් වී රාජ්‍ය නිළධාරීන්ට හිරිහැර කරමින් සිටිනවා.එම මැර පිරිස් වල මැදිහත්වීම මත මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල නීති විරෝධී ක්‍රියා සිදු වෙමින් පවතිනවා.

එමෙන්ම රඹුක්කන සතිපොළ ,ප්‍රාදේශීය සභා වෙළද සංකීර්ණය, අලි අනාථාගාරය යන රාජ්‍ය ස්ථානවල නීත්‍යාණුකූල ක්‍රියාවලියට පටහැනිවූ ක්‍රියා සිදු කිරීමට ඇතැම් මැර කණ්ඩායම් මේ වනවිටත් කටයුතු කරනවා.

එම ස්ථානවල පාලනය ඔවුන් යටතට රැගෙන තිබෙනවා. මැවනැල්ල, යටියන්තොට ප්‍රදේශ වලද මෙම තත්ත්වය පවතිනවා. සබරගමු පළාත් සභා අමාත්‍ය ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතාගේ අසනීප තත්ත්වය ගැනද නොතකා ඔහුගේ නිවසට පැන එම අමාත්‍යවරයාට මැරපිරිසක් පහරදීම් සිදුකර තිබෙනවා.

මෙම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නව අමාත්‍යවරයා , නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායිකාව සම්බන්ධ නොමැති බව මම මෙහිදී ප්‍රකාශ කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී හසිත මොහන්දිරම් මහතා ද අදහස් පලකළේ ය.

Related

Sg News 5072768058645057226

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item