බැසිල් නිවාඩු ඉල්ලයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මස තුන තුල පාර්ලිමේන්තුවට සහභාගී නොවී සිටීමට අද අවසර ඉල්ලා ඒවා තිබුණි. කතානායක චමල් රාජපක්ෂ ම...
https://citynewslivelk.blogspot.com/2015/02/blog-post_14.html
කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රීවරුන්ගේ නිවාඩු ඉල්ලීම් පිළිබඳව දැනුම්දීමෙන් පසුව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බැසිල් මන්ත්‍රීවරයාගේ නිවාඩු ඉල්ලුම්පත සභාවට ඉදිරිපත් කර සිටියේය.
මෙහිදී නැගී සිටි අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේ අදාළ මන්ත්‍රීවරයා නිවාඩු ඉල්ලා සිටිනුයේ අධ්‍යන කටයුත්තක් සඳහාද නැත්නම් අසනීපයක් නිසාද යන්න සභාවට දැනුම් දිය යුතු බව දන්වා සිටියා.
කතානායක චමල් රාජපක්ෂ මහතා ද මෙම සංවාදයට එකතු වෙමින් කියා සිටියේ එය යහපත් යෝජනාවක් බවත් මන්ත්‍රීවරුන් නිවාඩු ඉල්ලන හේතුව දැනුම් දීම වැදගත් බවයි.

