newssabaragamuvacom

කසළ තේ වලට කෝස්ටික් සෝඩා කවලම් කර විකිණීමේ ජාවාරමක්

කසළ තේ වලට කෝස්ටික් සෝඩා රසායනිකය කවලම් කර මහ පරිමාණයෙන් ඒවා වෙළඳපොළට බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු ගාල්ල, හියාරේ පොලිස් විශේෂ ක...

කසළ තේ වලට කෝස්ටික් සෝඩා රසායනිකය කවලම් කර මහ පරිමාණයෙන් ඒවා වෙළඳපොළට බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු ගාල්ල, හියාරේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කෝස්ටික් සෝඩා රසායනිකය කවලම් කර වෙළඳපොළට යැවීමට තිබූ තේ කිලෝ 400ක් හා තවත් කසළ තේ කිලෝ 2000ක් පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගැනිණ.

මෙහි ප්‍රධාන සැකකරු මෙම ව්‍යාපාරය කලක සිට පවත්වාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර එම රසායනිකය කවලම් කිරීමෙන් පසු තේ කොළ කළු පැහැති වන බවද හෙළි ව තිබේ.

මෙසේ කළු පැහැ ගැන්වෙන කසළ තේ කොළ යළි වෙළඳපොළට නිකුත්  කිරීම මොහු විසින් තවත් සේවකයින් කිහිප දෙනෙකුගේ සහයෙන් සිදුකර ගෙන ගොස් ඇත.

ප්‍රධාන සැකකරු අම්බලන්ගොඩ පොලීසියට බාරදීමට කටයුතු යොදා ඇති අතර පොලීසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Related

News Alert 6435291714113340007

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item