newssabaragamuvacom

ඩිලාන් තවදුරටත් වොලිබෝල් සභාපති අසුනට...?

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මීළඟ නිලවරණයේදී ද සභාපති තනතුර සඳහා ඉදිරිපත්වන බව...


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මීළඟ නිලවරණයේදී ද සභාපති තනතුර සඳහා ඉදිරිපත්වන බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඩිලාන් පෙරේරා මහතා 2005 වසරේ සිට අඛණ්‌ඩව අදාළ ධුරයේ රැඳී සිටින අතර ආසියානු වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කමිටු සාමාජිකයකු ලෙසද ක්‍රියා කරනු ලබයි.

ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු ලෙසින් රැඳී සිටීම, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති තනතුර දැරීම පිණිස ඔහුට ප්‍රබල සහයක්‌ වූ නමුත් ඉකුත් බල පෙරළියෙන් පසුව ඔහු එම ධුරය සඳහා මෙවර ඉදිරිපත් නොවෙනු ඇතැයි වාර්තා වුණි. නමුත් මේ වන විට නැවත වරක්‌ සභාපති ධුරය සඳහා ඉදිරිපත්වීමේ ස්‌ථාවරයක ඩිලාන් පෙරේරා මහතා රැඳී සිටින බව සැලවේ. ඒ සඳහා ඔහුට රටේ ඉහළම ධුරයක ආශීර්වාදය හිමිව ඇතැයිද කියනු ලැබේ.

මෙම මාර්තු 31 වැනිදාට පෙර වොලිබෝල් සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු අතර ඒ සඳහා කණ්‌ඩායම් කිහිපයක්‌ අප්‍රකටව සංවිධානය වෙමින් සිටින බව දැනගන්නට ලැබේ. ඒ අනුව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ගෙන ඒමට හිටපු ප්‍රබල ක්‍රීඩයෙක්‌ ඇතුළු කණ්‌ඩායමක්‌ද, තරුණ කටයුතු පිළිබඳ ඇමැති නිරෝශන් පෙරේරාව ගෙන ඒම සඳහා වයඹ පිරිසක්‌ද, එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්‌ඩාර ඇතුළු නම් කිහිපයක්‌ද කියවේ. 

වොලිබෝල් සම්මේලන ඉතිහාසය පුරා කිසිදාක සභාපති තනතුර සඳහා තරගයක්‌ තිබී නොමැති අතර මේ වන විට තිබෙන තත්ත්වය මත මෙවර පළමු වරට සභාපති තනතුර සඳහා තරගයක්‌ ඇතිවීමේ ලකුණු පහළ වී තිබේ.

තමන් කිසිවිටෙකත් ක්‍රීඩා සම්මේලනයක තනතුරක්‌ සඳහා තරගයකට ඉදිරිපත් නොවන බවට ඩිලාන් පෙරේරා මහතා ස්‌ථාවරයක රැඳී සිටියත් මෙවර වොලිබෝල් සභාපති ධුරය සඳහා ඡන්දයකට ඉදිරිපත්වීමට ඔහු සූදානමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related

Sport News 784589962641038935

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item