දියණිය බේරා ගැනීමට ගිය පියාත් පොඩි මැණිකෙට බිලි
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියේ ගැටීමට ගිය තම දියණිය බේරා ගැනීමට ගිය පියකු දියණියද සමඟ දුම්රියේ ගැටීමෙන් පසු දෙදෙනාම මි...
https://citynewslivelk.blogspot.com/2015/02/father-and-doughter-die.html
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියේ ගැටීමට ගිය තම දියණිය බේරා ගැනීමට ගිය පියකු දියණියද සමඟ දුම්රියේ ගැටීමෙන් පසු දෙදෙනාම මියගිය ශෝකජනක පුවතක් මහනුවර පොලිසියෙන් වාර්තා වෙයි.
මෙම දුම්රිය අනතුර පෙරේදා (21) පෙරවරු 9ට පමණ මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දී සිදුව ඇත.
යුද හමුදාවේ කෝප්‍රල්වරයකු වන පියා තම 10 හැවිරිදි දියණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන අමතර පංතියකට ඇරලවීම සඳහා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණදී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දවුලගල පානබොක්ක වට්ටප්පොළ පදිංචි ප්‍රදීප් නිශාන්ත කුමාර අබේකෝන් (44) සහ ඔහුගේ දියණිය වන විදූෂා දුල්මිණි (10) නැමැති දෙදෙනායි.
මියගිය දැරිය මහනුවර සීතාදේවි බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබන බව පොලිසිය පවසයි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය මහනුවරට පැමිණ යළි බදුල්ල බලා යමින් තිබියදී පියා හා දියණිය එම දුම්රියේ ගැටී ඇත. අනතුරින් පියා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර දියණිය මහනුවර මහ රෝහලට රැගෙන යමින් සිටි අතරතුර මියගොස් තිබේ.