හිටපු ඇමැති විමල්ගේ බිරිය ශෂී අත්අඩංගුවට
හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඊයේ (22) සවස මාලඹේ පෞද්ගලික රෝහලකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැය...
https://citynewslivelk.blogspot.com/2015/02/wimal-weerawansas-wife-arrested.html
හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඊයේ (22) සවස මාලඹේ පෞද්ගලික රෝහලකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැය අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය විසින් අවස්ථා කිහිපයකදීම ඇගේ නිවස වෙත ගියත් ඇය සොයාගැනීමට නොහැකි වූ අතර පසුව ඇය මාලඹේ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටින බවට ලද තොරතුරක් මත එම රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
ශෂී වීරවංශ මහත්මිය පසුගිය කාලයේ විදේශ ගත වීම සඳහා නම් දෙකකින් යුත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් භාවිත කරන බවට රහස් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත රහස් පොලිසිය ඊට අදාළ පරීක්ෂණ පවත්වා වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගැනීමට නීතිපති අවසරය ඉල්ලා අදාළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කිහිප අවස්ථාවක්ම සඳහන් කළේය.
වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ වන තෙක්ම නීතිපති අවසරය ලැබී නැති බව අජිත් රෝහණ මහතා ඊයේ ද තහවුරු කළේය. එසේ නම් වීරවංශ මහත්මිය පිටුපස රහස් පොලිස් කණ්ඩායම් තුනක් යෙදවීමට හේතුව අජිත් රෝහණ මහතාගෙන් විමසූ විට හෙතෙම පැවසුවේ වෙනත් ආවේෂණ කර්තව්‍යයක් සඳහා එම රහස් පොලිස් කණ්ඩායම් ඇය පසුපස යොදවා ඇති බවයි.
පසුව මේ සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් තොරතුරු සොයා බලද්දී හෙළි වූයේ ඇය අත්අඩංගුවට ගැනීමට නීතිපති අවසරය බලාපොරොත්තුවෙන් රහස් පොලිසිය බලා සිටින අතරතුර ඇය තවත් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් විදෙස් රටකට පැන ගැනීමට කර ඇති සැලසුමක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බවයි.
ඒ අනුව ශෂී වීරවංශ මහත්මියට මෙරටින් පැන ගැනීමට ඇති සියලු මාර්ග අහුරා ඇය අත්අඩංගුවට ගැනීමට මෙසේ පොලිස් කණ්ඩායම් යොදා ඇති බවට රහස් පොලිසිය සඳහන් කරයි.
වීරවංශ මහත්මිය ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් යොදා ගනිමින් විදේශ රටවලට යමින් එමින් ඇය සිදුකළ සූක්ෂම වංචාව පිළිබඳව විවිධ තොරතුරු රහස් පොලිසියට ලැබී ඇත. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට අවසරය ඉල්ලා නීතිපතිට එම පරීක්ෂණ වාර්තාව යොමු කර තිබිණි.
කෙසේ වෙතත් වීරවංශ මහත්මිය මෙසේ ව්‍යාජ ගමන් බලපත් සකස් කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හෝ ජාතික හැඳුනුම්පත් කාර්යාලයේ යම් කිසිවකුගෙන් සහය ලැබෙන්නට ඇතැයි සැකකෙරෙන අතර ඉදිරියේ දී ඔවුන් ද කොටුකර ගැනීමට රහස් පොලිසිය කටයුතු කරයි.