newssabaragamuvacom

සහන දෙන ගමන් සන්ධාන පාක්ෂිකයින්ට ගහන අයවැයක් මේක [VIDEO]

නව රජයේ අතුරු අයවැය වැඩි ඡන්ද 163 කින් අද සම්මත විය. අතුරු අයවැය ඉදිරිපත් කිරීමේ පසු පැවැති දින 3ක විවාදයෙන් අනතුරුව දෙවැනි වර කියවීමේ...

නව රජයේ අතුරු අයවැය වැඩි ඡන්ද 163 කින් අද සම්මත විය.

අතුරු අයවැය ඉදිරිපත් කිරීමේ පසු පැවැති දින 3ක විවාදයෙන් අනතුරුව දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරිණ. මේ සදහා ඡන්දයක් ඉල්ලා සිටියේ ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතායි. අනතුරුව නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන් ඇතුළු කණ්ඩායමක් ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරුන් 
ලෙස සලකන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අතුරු අයවැයට පක්ෂය  ඡන්ද 164 ක් සහ විරුද්ධව එක් ඡන්දයක් ප්‍රකාශ කෙරිණ. විරුද්ධ වූයේ ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතායි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සභාවේ නොසිටියේය. අද උදෑසන අයවැය පිළිබඳ විවාදය ආරම්භ කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි.


Related

News Alert 333994539345735174

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item