newssabaragamuvacom

කොළඹ - කතරගම බස් අද නෑ

කොළඹ - කතරගම පෞද්ගලික බස් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.   දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ සහ කතරගම අතර මගී ප‍්‍රවාහනයට පසුගිය මැතිව...

කොළඹ - කතරගම පෞද්ගලික බස් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.  දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ සහ කතරගම අතර මගී ප‍්‍රවාහනයට පසුගිය මැතිවරණ සමයේ දී ලබා දී ඇති අයථා ප්‍රවාහන  බලපත්‍ර වලට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වන බව වාර්තාවෙයි.

මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැනුවත් කළ බව  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද දිනයේ මෙම වර්ජනය ආරම්භ කළ බව  ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related

News Alert 5523397100419715142

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item