"ඇමැති බිරිය මගේ බැඡ් මේට්" - විනය පරීක්ෂණය යටගහන්න අමුතු තුරුම්පුවක්
"ඇමැති බිරිය මගේ බැඡ් මේට්..." යෑයි පවසමින් ඖෂධ අධිකාරියේ හිටපු ප්‍රධානියකු තමන්ට එරෙහිව විනය පරීක්ෂණය යට ගැසීමේ උත්සාහයක නිර...
https://citynewslivelk.blogspot.com/2015/02/that-ministers-wife-is-my-badgemate.html
"ඇමැති බිරිය මගේ බැඡ් මේට්..." යෑයි පවසමින් ඖෂධ අධිකාරියේ හිටපු ප්‍රධානියකු තමන්ට එරෙහිව විනය පරීක්ෂණය යට ගැසීමේ උත්සාහයක නිරත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් "දිවයින" ට ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන තම පුත්‍රයා නමින් ඖෂධ සමාගමක් ලියාපදිංචි කොට එම සමාගමට ඖෂධ සැපයීමේ අවස්ථාවද සලසා දී ඇති වෛද්‍යවරයකු වන මෙම හිටපු ප්‍රධානියාට එරෙහිව චෝදනා හතරක් යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මීට මාස පහකට පමණ පෙර පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එහි මූලික විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරියකු ද පත් කළද මෙතෙක් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් නැතැයි අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේය.
තමන්ට හිමි නැති වැටුපක් වසර කිහිපයක සිට ලබා ගැනීම, ඉතා කෙටි කලකින් ඖෂධ ලියාපදිංචි කර සමාගම්වලින් කොමිස් මුදල් ලබා ගැනීම, ඇතැම් ඖෂධ සමාගම්වලට එක් දිනකදී ඖෂධ ලියාපදිංචිය ලබාදීම ඇතුළු චෝදනා මෙම වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර ඇත. තමන් විෂය භාර ඇමැතිවරයාගේ බිරිය සමග එකට අධ්‍යාපනය ලබා ඇතැයි පවසමින් මෙම වෛද්‍යවරයා අදාළ විමර්ශන අකර්මණ්‍ය කිරීමේ උත්සාහයක නිරත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසුවේය.