වෙලේ සුදා 19 දා අධිකරණය හමුවට
හෙරොයින් ජාවාරමින් රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමින් යුත් දේපළ උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විභාගයේ පවතින නඩුවේ දෙවැනි විත්තිකාර ...
https://citynewslivelk.blogspot.com/2015/02/wele-suda-to-court-19th-feb.html
හෙරොයින් ජාවාරමින් රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමින් යුත් දේපළ උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විභාගයේ පවතින නඩුවේ දෙවැනි විත්තිකාර ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ලබන 19 දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඊයේ (05 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා කළ දැනුම්දීමක් කෙරෙහි සැලකිලිමත් වෙමින් විනිසුරුවරිය එසේ නියෝග කළාය.
නඩුවේ දෙවැනි විත්තිකාර සමන්ත කුමාර හෙවත් වෙලේසුදා නමැති අය අද (05 දා) දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණද, ආරක්ෂක හේතූන් මත ඉදිරිපත් නොකරන බවත්, විත්තියට නඩු විභාගය සඳහා අවශ්‍ය ලේඛන ලබාගැනීමට තමුන්ව පෞද්ගලිකව හමුවිය හැකි බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා කියා සිටියේය.
වර්ෂ 2010 ජනවාරි 01 දා සිට 2010 අප්‍රේල් 25 අතර කාලයේදී රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමින් යුත් දේපළවල හිමිකරුවන් වීම මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ බෝගහවත්තගේ ගයනි ප්‍රියදර්ශනී හෙවත් සුජී (වෙලේ සුදාගේ බිරිඳ) ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා හා වසන්ත වසුන්දරා හෙවත් නදී (වෙලේ සුදාගේ ඥාති සොයුරියක්) නමැති අයට එරෙහිව මෙහි නඩු පවරා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශනයක් අනුව විත්තිකරුවන් භාරයේ තිබී සොයාගත් බී. එම්. ඩබ්ලිව්. කාර් රථයක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථයක්, කොල්ලුපිටිය බගතලේ පාරේ, රාජගිරිය මිලේනියම් සිටිවල හා කලම්බු රෙසිඩන්ට් හි සුඛෝපභෝගී නිවාස, රන් ආභරණ හා මුදල් නඩු භාණ්ඩ ලෙසින් නඩු විභාගයට ඉදිරිපත් කර ඇති අතර සාක්කිකරුවන් 47 දෙනෙකු නම් කර ඇත.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරන විට විත්තිකාර වෙලේසුදා අධිකරණය මඟහැර රටින් පැන ගොස් තිබූ අතර පසුව අත්අඩංගුවට ගනු ලැබූ ඔහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී.