රඹුක්කන බස් නවතුම්පල හා මහජන පොළ ජනතා අයිතියට
රුපියල් ලක්ෂ 780 ක වියදමින් රඹුක්කන නගරයේ ඉදි කරනු ලැබූ පෞද්ගලික බස් නැවතුම්පල හා මහජන පොල ඊයේ (26) ජනතා අයිතියට පවරනු ලැබීය. ර...
https://citynewslivelk.blogspot.com/2015/03/blog-post_27.html
රුපියල් ලක්ෂ 780 ක වියදමින් රඹුක්කන නගරයේ ඉදි කරනු ලැබූ පෞද්ගලික බස් නැවතුම්පල හා මහජන පොල ඊයේ (26) ජනතා අයිතියට පවරනු ලැබීය.
රජය මඟින් ක්‍රියාත්මක රඹුක්කන නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලැබූ මෙම ව්‍යාපෘති දෙකෙන් රඹුක්කන බස් නැවතුම්පල ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 400 ක් වැය කර ඇත. එම බස් නැවතුම්පලෙහි ඉදි කර ඇති දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය කඩ කාමර 19 කින් සමන්විතය. එසේම රඹුක්කන නව මහජන පොල සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 380 කි. එහි වෙළඳ ව්‍යාපාරික ස්ථාන 250 ට ඉඩ පහසුකම් සලසා දී ඇත.

මෙම අවස්ථාවන් සඳහා සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ඒ.ඩී. ප්‍රේමදාස, කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, සබරගමු පළාත් සභා මන්ත්‍රී සන්දිත් සමරසිංහ, රඹුක්කන ප්‍රාදේශීය සභා සභාපති අතුල හඳගම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.