සබරගමුව පලාතේ පළාත් පාලන ආයතයන්හි පුස්තකාල සංවර්ධනය කෙරේ
සබරගමුව පළාතේ ,රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකෙහි පළාත් පාලන ආයතන මගින් පාලනය කෙරෙන පුස්තකාල පද්ධති සංවර්ධනය කිරීමට පළාත් සභාව කටයුතු ...
https://citynewslivelk.blogspot.com/2015/05/blog-post.html
සබරගමුව පළාතේ ,රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකෙහි පළාත් පාලන ආයතන මගින් පාලනය කෙරෙන පුස්තකාල පද්ධති සංවර්ධනය කිරීමට පළාත් සභාව කටයුතු කරයි. ඒ යටතේ,ගලිගමුව ප්‍රාදේශීය සභාවට අයත් බටුවත්ත පුස්තකාලය වැඩි දියුණු කර ප්‍රදේශවාසීන් වෙත පැවරීම පසුගිය (28) දා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් සිදු විය.
මහ නගර සභාවක් , නගර සභා තුනක් සහ ප්‍රාදේශීය සභා 25ක් වශයෙන් පලාත් පාලන ආයතන 29ක් සබරගමුව පළාතේ ක්‍රියාත්මක වේ. එම පළාත් පාලන ආයතන මගින් පාලනය කෙරෙන පුස්තකාල නවීකරණය කර අන්තරජාල පහසුකම්, e පුස්තකාල සේවා ඇතුළු භෞතික හා මානව සම්පත් සම්පාදනය කිරීමට සබරගමුව පළාත් සභාව විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.
ඒ යටතේ ගලිගමුව ප්‍රාදේශිය සභාවේ බටුවත්ත පුස්තකාලය මුළුමනින් සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. ඒ සදහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 45කි. ඊට අවශ්‍ය පොත්පත් කාර්යයාලීය උපකරණ ඇතුළු සෙසු උපකරණ පළාත් සභාව මගින් සපයා ඇත.
මීට අමතරව ගලිගමුව ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන තවත් මෙවැනිම පුස්තකාල දෙකක් පිටිගල් දෙනිය සහ ගලිගමුව ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්,සබරගමුව පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය,ගලිගමුව ප්‍රාදේශීය සභා සභාපති කැලුම් නිශාන්ත පතිරණ යන මහත්වරු ද එක්ව සිටියහ.