newssabaragamuvacom

ඕනෑම දේශපාලන පක්‍ෂයකින් අගමැති වෙන්න ඉල්ලන්න

බස්‌නාහිර පළාත්පාලන මන්ත්‍රීවරු හිටපු ජනපතිට කියති ඕනෑම දේශපාලන පක්‍ෂයකින් හෝ සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිප...

බස්‌නාහිර පළාත්පාලන මන්ත්‍රීවරු හිටපු ජනපතිට කියති

ඕනෑම දේශපාලන පක්‍ෂයකින් හෝ සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් බස්‌නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ඊයේ (17 දා) ඉල්ලීමක්‌ කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැපවූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ස්‌තුතිය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (17 වැනිදා) අභයාරාමයේදී මෙම සුහද හමුව පැවැත්විණි.

ඊයේ (17 වැනිදා) පෙරවරු 10.00 ට කළුතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් එකසිය පනස්‌ දෙදෙනකුගෙන් එකසිය හතළිස්‌ එක්‌දෙනකු මෙම හමුවට සහභාගි වූ අතර දහවල් 3.00 හා 5.00 අතර කාලයේදී ගම්පහ සහ කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයෝ බහුතරයක්‌ ද සහභාගි වී සිටියහ.

මෙහිදී පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන ඉල්ලීමක්‌ව තිබුණේ පළමුව දේශපාලනයට එන ලෙසය. ඉන් පසු ශ්‍රීලනි පක්‍ෂය රැකගැනීමට කටයුතු කළ හැකි බවත් ඔවුහු පැවසූහ.

මේ අතර ඊයේ (17 වැනිදා) පෙරවරුවේ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බස්‌නාහිර පළාතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නගරාධිපතිවරුන් හා උප නගරාධිපතිවරුන් හමුවී කළ සාකච්ඡාවේදී මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන රැසක කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකිරීමට අත්සන් ලේඛනයක්‌ ලබාදුන් බව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පැවසීය.






Related

News Alert 4083229138582543966

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item