ගල්අඟුරු වංචාවක් ගැන පාඨලිගෙන් පොලීසිය ප්‍රශ්න කරයි
ඉකුත් රජය සමයේදී සිදුවූ බව කියන මහපරිමාණ ගල්අඟුරු වංචාවක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමති පාඨලි චම්පික රණවක මහතාගෙන් පොලීසිය අද (04)...
https://citynewslivelk.blogspot.com/2015/03/police-quection-from-minister-patali-champika.html
ඉකුත් රජය සමයේදී සිදුවූ බව කියන මහපරිමාණ ගල්අඟුරු වංචාවක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමති පාඨලි චම්පික රණවක මහතාගෙන් පොලීසිය අද (04) ප්‍රශ්න කර තිබේ.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2012 හා 2013 වසරවලදී මෙම වංචාව සිදුව ඇති බවයි.
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයට නැව් දෙකකින් ගෙන්වන ලද රුපියල් මිලියන 528ක ගල්අඟුරු තොගය වාරකන් සමය නිසා ගොඩබෑමට නොහැකිව කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමෙන් සාපරාධී විශ්වාසය කඩව ඇති බැවින් මෙම සිද්ධියට අදාළව ඊයේ (03) සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එහි සඳහන්ය.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
රුපියල් මිලියන 528ක් වටිනා ගල්අඟුරු සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම
2012 සහ 2013 වර්ෂ වලදී නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට නැව් දෙකකින් රැගෙන ආ රුපියල් මිලියන 528 ක් පමණ වන ගල්අඟුරු තොගයක් වාරකන් සමය නිසා ගොඩබෑමට නොහැකිවීමක් මත කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමෙන් රජයේ දේපළ සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩකිරීමට අදාළව පහත අයවළුන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් 2015.03.03 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
සිලොන් ශිපින් ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති කාංචන රත්වත්ත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ එම්.සී දෙල්ගොඩ.
මහා භාණ්ඩාගාරයේ ආර්.එම්.කේ රණතුංග.
වරාය අධිකාරියේ ආර්.එච් ජයවික්‍රම.
මෙම සැකකරුවන් අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම පැමිණිල්ල විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්. එස් බටගොඩ මහතා විසින් 2015.02.20 වන දින පොලිස් මූලස්ථානයට යොමු කිරීමෙන් අනතුරුව පොලිස්පති විසින් විශේෂ විමර්ශන ඒකකය වෙත විමර්ශන කටයුතු සඳහා බාර දෙන ලදී.
ඒ අනුව විමර්ශනය කර ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික මහතාගෙන්ද අද දින ප්‍රකාශයක් ලබාගත් අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම ගනුදෙනුව සම්මත පරිපාටියෙන් පරිභාහිරව කැබිනට් අනුමැතියකින් තොරව සිදුකර ඇති බවයි.
තවද එම සිද්ධියට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ෆර්ඩිනැන්ඩස් මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත අතර ඔහු දැනට ඕස්ටේ්රලියාවේ සිටින බවට කරුණු අනාවරණය වී ඇත.