දැදිගම දුෂ්කර ගම්මාන රැසක මාර්ග සංවර්ධනය කෙරේ
දැදිගම මැතිවරණ කොට්ඨාශයේ අති දුෂ්කර ගම්මාන රැසක මාර්ග පද්ධති සංවර්ධනය කිරීමට සබරගමු පළාත් සභාව කටයුතු කරයි. ඒ යටතේ හලහන්තැන්න, බෝධවල, ගු...
https://citynewslivelk.blogspot.com/2015/03/road-development-in-dadigama.html
දැදිගම මැතිවරණ කොට්ඨාශයේ අති දුෂ්කර ගම්මාන රැසක මාර්ග පද්ධති සංවර්ධනය කිරීමට සබරගමු පළාත් සභාව කටයුතු කරයි. ඒ යටතේ හලහන්තැන්න, බෝධවල, ගුරුදෙනිය, මැට්ටියගනේ යන ගම්මාන වල ප්‍රවේශ මාර්ග, කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරනු ලැබූ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 40ක් වැය කරනු ලැබීය.
කලක පටන් මෙම මාර්ග පද්ධති අබලන් තත්වයට පත්ව තිබූ නිසා ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටියහ. මාර්ග පද්ධති ජනතා අයිතියට පැවරීම පසුගිය දා (02) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් සිදු විය.