රඹුක්කනට පේෂකර්මාන්ත ගම්මානයක්
රඹුක්කන වල්කොටුව වත්ත ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පේෂකර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව, විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට, සබරගමුව පළාත් සභා...
https://citynewslivelk.blogspot.com/2015/03/rambukkana-new-project.html
රඹුක්කන වල්කොටුව වත්ත ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පේෂකර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව, විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට, සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
මේ සඳහා වල්කොටුව වත්ත ප්‍රදේශයේ අතහැරදමා ඇති, රජයේ ගොඩනැගිලි සංකීර්ණයක් භාවිතයට ගෙන, ඒ ආශ්‍රිතව පේෂකර්මාන්ත ගම්මානයේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටු වීමට සබරගමුව පළාත් සභාව මඟින් කටයුතු කර ඇත.
මේ වන විටත් පවුල් ඒකක 68 ක් මෙම ව්‍යාපෘතිය සඳහා එක්ව ඇති අතර, ඔවුන්ට මාස හයක(06) විධිමත් පුහුණුවක් සබරගමුව පළාත් සභාව මගින් ලබා දීමට නියමිත ය.
මීට අමතරව මෙම ප්‍රධාන මධ්‍යස්ථානයේ අලෙවි සැලක් ආරම්භ කිරීමට ද කටයුතු කර ඇත.
එමෙන්ම සබරගමුව පළාතේ පේෂකර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂිත තරුණ තරුණියන් සදහා පුහුණු පාසලක් ද මෙහි ස්ථාපිත කෙරේ.
මෙම ගම්මානයෙන් නිෂ්පාදනය කරන අත් යන්ත්‍ර, රෙදිපිළි දෙස් විදෙස් ගැණුම්කරුවන් වෙත අලෙවි කිරීම සඳහා සබරගමුව පළාත් සභාව මැදිහත් කරුවෙකු සේ කටයුතු කිරීමට නියමිත ය.
පසුගිය දා අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු එක්ව සිටියහ.
මෙම අවස්ථාවට පේෂකර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂිත ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.