විභාගය සමත් සබරගමුවේ සියලු දෙනාටම උපාධිධාරී ගුරු පත්වීම්
2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සබරගමුව පළාතේ පාසැල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් ...
https://citynewslivelk.blogspot.com/2015/03/teachers-exam.html
2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සබරගමුව පළාතේ පාසැල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වූ සියලු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කරයි.
සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම විභාගය සඳහා රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ උපාධිධාරීන් හයදහස් එකසිය පනස් දෙනෙකු (6150) පෙනී සිටි බවත් ඉන් එක් දහස් තුන්සිය දෙදෙනෙක් (1302) සමත් වූ බවත් ය.
එම එක් දහස් තුන්සිය දෙදෙනෙක් (1302) වූ පිරිස කඩිනමින් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට සබරගමු පළාත් සභාව මේ වන විට කටයුතු කරමින් සිටින බව මහින්ද එස්.වීරසූරිය මහතා පවසයි.
කෙසේ නමුත් සබරගමු පළාතේ ගුරු වෘත්තිය සඳහා දැනට පුරප්පාඩු පවතින්නේ හයසිය දෙදෙනෙකු (602) සඳහා පමණක් බව පවසන පළාත් අධ්‍යාපන ලේකම්වරයා සෙසු පිරිස් බඳවා ගැනීමට නම් රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය බව ද සඳහන් කරයි.
මේ වන විට සබරගමු පළාතේ පාසැල් වල ලබා ඇති භෞතික දියුණුව සහ විෂය ක්ෂේත්‍රය පුළුල් වීම නිසා පෙරට වඩා වැඩි ගුරුවරු පිරිසක් පළාතට අවශ්‍ය බව පවසන පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඒ සඳහා රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙයට අපේක්ෂා කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙලෙස බඳවා ගනු ලබන ගුරු භවතුන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ දුෂ්කර පාසැල් පාදක කරගෙන සේවයේ යෙදවීමට කටයුතු කරන බව පවසන මහින්ද එස්.වීරසූරිය මහතා එම ගුරු භවතුන් පළාතේ පාසැල් වල ප්‍රාථමික, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ පන්ති සඳහා යොමු කිරීමට කටයුතු කර ඇතැයි ද හෙතෙම පවසයි.