newssabaragamuvacom

රත්නපුර මහ නගර සභාවට නව නාගරික මන්ත්‍රීවරයෙක්

රත්නපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස හේමන්ත ගමගේ මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැ...

රත්නපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස හේමන්ත ගමගේ මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධාන ලැයිස්තුවෙන් රත්නපුර මහ නගර සභාව සදහා හේමන්ත ගමගේ මහතා ඉදිරිපත් විය.

හිටපු නගරාධිපති කපිල් අබේරත්න මහතාගේ අභාවය නිසා මෙම නාගරික මන්ත්‍රීධූරය පුරප්පාඩු විය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න,පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් මහේෂ් ද අල්විස් ,රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති නිලන්ත රොෂාන් ,නාගරික මන්ත්‍රීවරුන් වන කපිල ගුණවර්ධන සහ ටිරෝන් අත්තනායක යන මහත්වරු එක්වූහ.



Related

Sg News 4771965057183360500

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item