newssabaragamuvacom

සබරගමුවේ ගරාවැටී තිබූ මාතෘ සායන පළාත් සභාව මගින් ප්‍රතිසංස්කරණය කරයි

රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ගරා වැටීමට ලක්ව ඇති සියලු මාතෘ සායන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සබරගමු පළාත් සභාව විශේෂ ව්‍යාපෘතියක් ...


රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ගරා වැටීමට ලක්ව ඇති සියලු මාතෘ සායන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සබරගමු පළාත් සභාව විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවයි.

මේ යටතේ කෑගල්ල දිස්ත්‍රිකයේ මහකෙහෙල්වල, මුරුතවල, වෑගන්තලේ, ලෙව්කේ, ඉඩම්පිටිය, අලුත්නුවර සහ වේරකේ යන මතෘ සායන නවීකරණය කර ජනතා අයිතියට පැවරීම පසුගිය දා (27) සිදුවිය.

මෙම සායන වලින් බොහොමයක් දිරාපත්ව කඩා වැටීමේ අවදානමට ලක්ව පැවති අතර එම මාතෘ සායන 07 සංවර්ධනය කිරීම සඳහා රජය වැයකල මුළු මුදල රුපියල් ලක්ෂ 42 කි.

මුළුමනින්ම නවීකරණය කරන ලද මෙම සායනය සඳහා අවශ්‍ය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සහ උපකරණ පළාත් සභාව මගින් ලබා දීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ,කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුද සෙනෙවිරත්න,පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ ,මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති කීර්ති බණ්ඩාර ,ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්.බෙලිගම්මන,සැලසුම් අධ්‍යක්ෂ එම්.බී.එස්.එන්. කුමාරගේ ,කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.කේ.වික්‍රමසිංහ යන මහත්වරුන් එක්ව සිටියහ.











Related

Sg News 6319694276617324817

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item