newssabaragamuvacom

ගින්නෙන් විනාශ වූ යටියන්තොට වෙළඳ සංකීර්ණය යලි ගොඩ නගයි

විදුලි කාන්දුවක් නිසා ඇතිවූ ගින්නක් හේතුවෙන් මුළුමනින්ම විනාශයට පත්වු යටියන්තොට වෙළද සංකීර්ණය නැවත ගොඩනගා ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාවට පවරා ද...

විදුලි කාන්දුවක් නිසා ඇතිවූ ගින්නක් හේතුවෙන් මුළුමනින්ම විනාශයට පත්වු යටියන්තොට වෙළද සංකීර්ණය නැවත ගොඩනගා ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාවට පවරා දීම පසුගිය දා (07) සිදු විය.

මෙම ගින්න නිසා එම වෙළඳ සංකීර්ණය පිහිටි වෙළද සංකීර්ණය පිහිටි වෙළද ව්‍යාපාර ස්ථාන 10 මුළුමනින් ම විනාශයට පත්වූ අතර පවුල් 30ක් පමණ මේ නිසා විශාල පීඩාවකට ලක්විණි.

නව ගොඩනැගිලි සංකීර්ණය මහල් දෙකකින් යුතුව අදියර දෙකකින් ඉදිකිරීමට කටයුතු කර ඇත.

මෙහි පළමු අදියර සදහා රුපියල් ලක්ෂ 100 පමණ පළාත් සභාව මගින් වැය කර ඇත.

ඉදිරියේ දී ඉදිකිරීමට කටයුතු සලසා ඇති දෙවන අදියර සදහා සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 80 වැය කිරීමට නියමිතය.

තවද, වෙළද සංකීර්ණයේ පරිපාලනය මුළුමනින්ම යටියන්තොට ප්‍රාදේශීය සභාව විසින් දරනු ඇත.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පළාත් සභා මන්ත්‍රී අන්නමලෙයි බාස්කරන්,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ඩී.වසන්ත යන මහත්වරු එක්ව සිටියහ.


Related

Sg News 5211534163046459782

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item