සබරගමුව පළාතේ වැසීගිය පාසැල් 44 නැවත ආරම්භ කළා - මහ ඇමති
සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ වැසීගිය පාසැල් 44 නැවත විවෘත කිරීමට පළාත් සභාව කටයුතු කර ඇතැයි ප්‍රධාන අමාත්‍ය මහීපාල හ...
https://citynewslivelk.blogspot.com/2015/04/44.html
සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ වැසීගිය පාසැල් 44 නැවත විවෘත කිරීමට පළාත් සභාව කටයුතු කර ඇතැයි ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සදහන් කරයි.
මහීපාල හේරත් මහතා මේ බව සදහන් කළේ ඊයේ (07) කෑගල්ල මැටියගනේ ප්‍රාථමික විද්‍යාලය සදහා රුපියල් ලක්ෂ 160 වියදමින් ඉදිකෙරෙන දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයයේ වැඩ ආරම්භ කිරීම සදහා එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පැවසූයේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ග්‍රාමීය ප්‍රදේශවල ස්ථාපිතව පැවති පාසැල් 44 වසර ගණනාවක් පුරා වසා දමා තිබූ බවය.
එමෙන්ම තවත් එවන් පාසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට නියමිතව පැවති බව මහීපාල හේරත් මහතා මෙහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසුයේ ගොඩනැගිලි ,ක්‍රීඩාපිටි ,පාසැල් උපකරණ වැනි භෞතික සම්පත් ගුරුභවතුන්ගේ හිගකම මෙම පාසැල් පද්ධති වැසීයාමට මූලික වූ බවය.
පසුගිය දස වසර තුල පළාත් රාජ්‍ය සේවයට ගුරුභවතුන් 7500 පමණ බඳවා ගැනීමට සබරගමුව පළාත් සභාවට හැකිවීමත් භෞතික සම්පත් ප්‍රමාණවත් පරිදි සලකා ප්‍රාථමික පාසැල් වෙත ලබාදිම ක්‍රියාත්මක කිරීමත් සමගම සබරගමුවේ පාසැල් වැසීයාමේ තර්ජනයෙන් මුදවාගැනීමට පළාත් සභාවට හැකි වූ බව මහීපාල හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වැසීගිය පාසැල් 44 සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් කඩිනමින් සපුරාලීමට සබරගමුව පළාත් සභාව කටයුතු කල අතර මේ වන විට එම පාසැල් පද්ධති, සෙසු පාසැල් පද්ධතිවල පවතින අධ්‍යාපන හා බාහිර ක්‍රියාකාරකම් වලින් ඉහළට පැමිණ ඇතැයි ද හෙතෙම පැවසීය.
1953 වර්ෂයේ ආරම්භ කළ කෑගල්ල මැටියගනේ ප්‍රාථමික විද්‍යාලය 1997 දී සිසු දරුදැරියන් නොමැතිකමින් වසා දැමීමට එවකට සිටි පාලනාධිකාරියට සිදුවිය.
වසර 15 පසුව එනම් 2012 දී මෙම විද්‍යාලය නැවත විවෘත කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරනු ලැබූ අතර අද වන විට 1-4 දක්වා මෙහි පන්ති පැවැත්වේ.දැන් සිසු දරුදැරියන් 196 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරන අතර දැනට මෙහි ගුරුභවතුන් 7ක් පමණ සේවය කරති.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත්වරු සහභාගී වුහ.