newssabaragamuvacom

පාර්ලිමේන්තුව විසුරුවයි - මහ මැතිවරණය අගෝස්‌තු 17

නාමයෝජනා ජුලි 6 සිට 15 දක්‌වා 08 වැනි පාර්ලිමේන්තුව සැප්තැම්බර් 01 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වැනි පාර්ලිමේන්තුව ...

නාමයෝජනා ජුලි 6 සිට 15 දක්‌වා

08 වැනි පාර්ලිමේන්තුව සැප්තැම්බර් 01

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වැනි පාර්ලිමේන්තුව  26 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය විධායක බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ ගැසට්‌ නිවේදනය නකුත් කරන ලදී.

ඒ අනුව 08 වැනි පාර්ලිමේන්තුව සඳහා වූ මැතිවරණය අගෝස්‌තු මස 17 වැනිදා පැවැත්වීමටත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම ජූලි මස 6 වැනිදා සිට 15 වැනිදා තෙක්‌ සිදුකිරීමටත් 08 වැනි පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස 01 වැනිදා පැවැත්වීමටත් ජනාධිපතිවරයා විසින් සිය විධායක බලතල අනුව නියම කර ඇත.

7 වැනි පාර්ලිමේන්තුව සඳහා වූ මැතිවරණය 2010 අප්‍රේල් මස 08 වැනිදා පැවැති අතර ඉන් ජයග්‍රහණය කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සිය මංගල සැසිවාරය 2010 අප්‍රේල් මස 23 වැනිදා පවත්වනු ලැබීය.

එම රජයේ අගමැතිවරයා ලෙස දි. මු. ජයරත්න මහතා පත්විය.

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ 7 වැනි පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු බලය එක්‌සත් ජාතික පක්‍ෂයට ලබාදීමට විධායක බලතල අනුව ජනාධිපති මෛත්‍රීපාල සිsරිසේන මහතා පියවර ගත්තේය. එහි අගමැතිවරයා ලෙස එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි 09 වැනිදා පත්විය.

Related

News Alert 3942254682526513136

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item