newssabaragamuvacom

රජයේ ප්‍රබල ඇමැතිවරයකුත් නිල නිවාස දෙකක්‌ අරන්!

රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ නිල නිවාස දෙකක්‌ පරිහරණය කරමින් සිටින බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය. මොහු, මෛත්‍රීපාල සිරි...

රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ නිල නිවාස දෙකක්‌ පරිහරණය කරමින් සිටින බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය.

මොහු, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවණයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන අවස්‌ථාවේදී එජනිස ආණ්‌ඩුවේ සිට පොදු අපේක්‍ෂකයාට සහාය පළකිරීම සඳහා ඉදිරිපත් වූ පළමු ඇමැතිවරයෙකි.

වර්තමාන ආණ්‌ඩුවේ ද ප්‍රබල විෂයක්‌ භාරව සිටින මෙම ඇමැතිවරයාට නිලබලයෙන් හිමිව ඇති නිවස ඔහුගේ බිරිය විසින් පරිහරණය කරන අතර ඇමැතිවරයා තවත් නිවසක්‌ පරිහරණය කරන බවද ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.

වර්තමාන ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිතර කතා කරන මෙම ඇමැතිවරයා යහපාලනය සඳහා කටයුතු කරන්නේ මේ ආකාරයට දැයි ආණ්‌ඩුවට හිතවත් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

Related

News Alert 5357769326556187937

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item