සබරගමුව පළාතේ කාන්තා සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක්
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන කාන්තාවන් උදෙසා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් වනිතා කටයුතු අමාත්‍යංශය කටයු...
https://citynewslivelk.blogspot.com/2015/06/sabaragamuwa-women-development.html
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන කාන්තාවන් උදෙසා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් වනිතා කටයුතු අමාත්‍යංශය කටයුතු කරයි. ඒ අනුව පළාතේ වෙසෙන මාතෘ මූලික , අඩු ආදායම් ලාභි, ස්වයං රැකියා වල නිරත සහ නිරත වීමට කැමැත්ත පළකරන කාන්තාවන් සහ පවුල් ඒකක ඉලක්ක කරගනිමින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාවට නංවා ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ, කාන්තා පාවහන් නිෂ්පාදනය, ඇඳුම් මැසීම, සාරි බ්ලව්ස් නිෂ්පාදනය , තෑගි භාණ්ඩ විසිතුරු භාණ්ඩ සැකසීම, රස කැවිලි කේක් , පළතුරු බීම, ජෑම් වර්ග, චට්නි නිෂ්පාදනය, , විසිතුරු මසුන් ඇති කිරීම, බිම්මල් වගාව, ස්වභාවික මල් සැකසුම, විසිතුරු පැළ තවන් දැමීම සහ අලෙවිය ,ගෘහ සහ උද්‍යාන අලංකරණය , රූපලාවන්‍ය, ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකට පළාතේ වෙසෙන කාන්තාවන් යොමු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි.
ඒ අනුව එම ව්‍යාපෘතිය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28 පුරා, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවයේ නියතු කාන්තා සංවර්ධන නිළධාරින්ගේ සම්බන්ධිකාරකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට පළාත් සභාව කටයුතු කර ඇත.
විශේෂයෙන්ම සිය ස්වාමියා අතහැර ආබාධිත හෝ මිය ගොස් සිටින මාතෘ මූලික පවුල් ඒකකවල කාන්තාවන් සඳහා මෙහිදී විශේෂ ප්‍රමුඛතාවය හිමි වේ. මෙම ව්‍යාපෘතිය යටතේ සබරගමු පළාතේ කාන්තාවන් සදහා අවශ්‍ය පුහුණුව , උපකරණ සැපයීම, මූල්‍යාධාර සැපයීම ,දෙස් විදෙස් වෙළද පොළ සම්බන්ධිකරණය කිරීම පළාත් සභාව මගින් සිදු කෙරෙනු ඇත.
මීට අමතරව , මෙම මෙම ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන අලෙවිය සදහා පළාතේ මහ නගර සභාව, නගර සභා සහ ප්‍රාදේශිය සභා ඇශ්‍රිතව වෙළද පොළවල් ඉදි කර දීමට ද සබරගමු පළාත් සභාව කටයුතු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය සදහා සබරගමු පළාත් සභාව වෙන් කර ඇති මුදල රු. ලක්ෂ 110 කි.
මෙහි සමාරම්භක අවස්ථාව පසුගිය දා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න, සැලසුම් අධ්‍යක්ෂක එම්.බී.එස්.එන් කුමාරගේ, සහකාර අධ්‍යක්ෂකවරුන් වන අනුරුද්ධ බණ්ඩාර, අනෝමා ආබ්‍රේව් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.







