හලාවත නගරාධිපතිත් අලියා පිට නගී
තමන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට තීරණය කළ බව හලාවත නගරධිපති නීතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පැවසීය. හලාවත නගර සභාවේ වර්තමා...
https://citynewslivelk.blogspot.com/2015/07/blog-post_13.html
තමන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට තීරණය කළ බව හලාවත නගරධිපති නීතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පැවසීය.
හලාවත නගර සභාවේ වර්තමාන නගරාධිපතිවරයා වන්නේ හිලරි ප්‍රසන්න මහතාය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරග කළ හිලරි ප්‍රසන්න මහතා පසුගිය පළාත් පාලන මැතිවරණ දෙකේදීම වැඩිම මනාප ලබා ගෙන හලාවත නගරාධිපති ධූරයට පත් විය.
වර්තමානයේ පවතින තතත්වය අනුව සහ තම පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවත්,එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුර තොරතුරු ලබා දෙන බවද ප්‍රසන්න මහතා පැවසීය.
හිලරි ප්‍රසන්න මහතාගේ පියා වන නීතිඥ හිලරි ප්‍රනාන්දු මහතාද කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හලාවත නගරාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

