ප්‍රජා සේවයේ සිටියත් පරණ පුරුදු මහතක්වී යළි ඇතුළට යයි
මාරවිල දිසා අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටින අතර තුර එහි ගල් කර තිබුණු ත්‍රී රෝද රථයක සවි කර ඇති කැසට් යන්ත්‍රයක් ගලවා ගෙන ගිය බව ...
https://citynewslivelk.blogspot.com/2015/07/blog-post_9.html
මාරවිල දිසා අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටින අතර තුර එහි ගල් කර තිබුණු ත්‍රී රෝද රථයක සවි කර ඇති කැසට් යන්ත්‍රයක් ගලවා ගෙන ගිය බව කියන පුද්ගලයෙකුව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකුවය.
නීති විරෝධී මත්පැන් ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්න්පපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දඩ නියම කර ඇත.නමුත් තමුන්ට දඩ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බව සැකකරු පැවසීම හේතුවෙන් ඔහුට පැය 300 ක් ප්‍රජා සේවයේ නිරත වන ලෙස අධිකරණය විසින් නියම කර ඇත.ඒ අනුව සැකකරුව මාරවිල දිසා අධිකරණ භූමියේ ප්‍රජා කටයුතු සදහා යොදවා ඇත.
ප්‍රජා සේවයේ යෙදී සිටින සැකකරු අවේලාවේ සැක කටයුතු ලෙස අධිකරණ භූමියෙන් පිටව යනවා දැක ඇති හලාවත කොට්ඨාශ විශේෂ කාර්යංශයේ පොලිස් කොස්තාපල් 61578 බණ්ඩාර මේ බව මාරවිල පොලීසියේ නිලධාරීන්ට දැණුම් දී ඇත.ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පරීක්ෂා කරන විට ඔහු සතුව තිබී සොරකම් කරන ලද කැසට් යන්ත්‍රයක් හමුවී ඇත.
අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් ලෙස ගාල් කර තිබූ ත්‍රී රෝද රථයකින් තමන් මෙම කැසට් යන්ත්‍රය ගැළවූ බව සැකකරු පවසා ඇත.ඔහු සතුව තිබී අඬුවක් සහ නියනක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු මාරවිල දිසා අදිකරණයට නැවත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සැකකරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

