newssabaragamuvacom

මහ ඡන්දෙට නම් ගැනීම හෙට සිට

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම හෙට (06) වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා...

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම හෙට (06) වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. හෙටින් ආරම්භ වන නාම යෝජනා භාර ගැනීම ජුලි මස 13 වන දින දක්වා සිදු කෙරෙනවා. නාම යෝජනා භාරදෙන හෙට දිනයේ සිට මැතිවරණ නීතිය බලාත්මක කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. එසේම ඉට අදාළ නියමයන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම්දී තිබෙනවා. 

අනුව නාමයෝජනා භාර දෙන හෙට දිනයේ මෙන්ම හෙට දිනයේ සිට මැතිවරණය පවත්වා සතියක් ගත වනතුරු කිසිදු ආකාරයක පෙළපාලි සංවිධානය කිරීම තහනම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. එසේම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා. 

මේ වන විට ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඇප මුදල් තැන්පත් කර ඇති බවත් වාර්තා වනවා. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විට නාම යෝජනා සකස් කිරීම් අවසන් අදියරට පැමිණ ඇති බවත් වාර්තා වේ. ඔවුන් අවසන් දෙදින තුළ නාම යෝජනා භාරදීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වන්නේ. 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළ දේශපාලන පක්ෂ රැසක් මේ වන විට නාමයෝජනා භාරදීමට සූදානමින් සිටිනවා. 


Related

News Alert 6245541844502041252

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item